හසාරා සහ හසිනි බැඩ්මින්ටන් ඉතිහාසය වෙනස් කරයි

35
Hasini & Hasara Rewrite Badminton History

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

තියුණු මුහුණුවරක් ගත් කාන්තා යුගල අවසන් මහා තරගයේදී ලෝක බැඩ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඇමි ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් ලකුණු 21-18ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින් මේ ඓතිහාසික ජයග්‍රහණයට හිමිකම් කීමට හසරා සහ හසිනි සමත් වුණා.

මේ ජයග්‍රහණය ඉතිහාසයට එක් වූයේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු අත් කර ගත් ඉහළතම ජයග්‍රහණය ලෙසයි.

හසරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ මේ තරගාවලියට එක්වූයේ පසුගියදා සැම්බියාවේ පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුවයි.

බොට්ස්වානා තරගාවලියෙන් පසු හසාරා සහ හසිනි දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගිවීමට නියමිතව තිබෙන අතර  එම තරගාවලිය මේ මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<