ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (21) දිනයෙන් නිමාවට පත් වුනා.
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වුනා.
මෙම තරගයේ දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ලෙසඳු කල්පගේ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දසිත් සෙනාල් කඩුලු 5 දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් පළමු ඉනිමේ දී ඉසිපතන විද්‍යාලයට වඩා ලකුණු 10ක ඉදිරියක් ලබා ගැනීම හේතුවෙන් සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ අතර, මේ වෙනුවෙන් නායක දුරන්ක සිල්වා අර්ධ ශතකයකින් දායක වන අතරේ, රුසිත් ජයවර්ධන කඩුලු 5 දස්කමකින් දායක වීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය
(බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී)
කොළඹ ඉසිපතන විද්‍යාලය – 209/10 (58.5) ලෙසඳු කල්පගේ 62, දිමුතු තාරක 40, රුසිත් ජයවර්ධන 5/47 & 34/0 (08)
ශ්‍රී සුමංගල විද්‍යාලය – 219/10 (75.2) දුරන්ක සිල්වා 73, සදික දම්යුරු 36, දසිත් සෙනාල් 5/50
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<