53 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය ඊයේ (19) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී ක්‍රියාත්මක වුනා.
දෙවැනි දිනය තුළ තවත් තරග වාර්තා 5ක් බිහි වීම විශේෂත්වයක්.
මෙහි දී 12න් පහළ පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ දික්වැල්ල විජිත විද්‍යාලයේ K.W.S.පබසර මීටර් 1.55ක උසක් තරණය කරමින් නව තරග වාර්තාවක් කරා යන අතරේ, කොළඹ ගෙට්වේ විද්‍යාලයේ A.තෙවරප්පෙරුම වයස අවුරුදු 14න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 23.4ක කාලයකින් නිමා කරමින් නව තරග වාර්තාවක් කරා යෑමට සමත් වුනා.
එමෙන්ම කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය නියෝජනය කරමින් 14න් පහළ පිරිමි මීටර් 600 ඉසව්ව මිනිත්තු 1.29.8ක කාලයකින් නිම කළ A.S.R.L.S සල්ගාදු සහ 13න් පහළ පිරිමි දුර පැනීම ඉසව්වේ දී මීටර් 5.55ක දුරක් තරණය කළ H.A.L.Z. ධනංජය නව තරග වාර්තා වෙත යොමු වුනා.
මේ අතරම කාන්තා 14න් පහළ මීටර් 600 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ G. ආලෝකා විසින් මිනිත්තු 1.41.7ක කාලයක් සමඟින් තවත් නව තරග වාර්තාවක් කරා යාමට සමත් වීම විශේෂත්වයක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර 14න් පහළ පිරිමි උසපැනීම ඉසව්ව නියෝජනය කළ කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ M.Pio එම ඉසව්ව ජයග්‍රහණය කරනා අතරේ, 12න් පහළ පිරිමි මීටර් 80 ඉසව්ව නියෝජනය කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ M.P. ශ්‍රී රවිශාන් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
ඊට අමතරව ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වූ තරග ඉසව් සියල්ලේ ප්‍රතිඵල පහතින්.
ශූරතාවලියේ තෙවැනි සහ අවසන් දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.
දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>