මනුගගේ විශිෂ්ට පන්දු යැවීම තෝමසුවන්ට ජය ගෙන දෙයි

U19 Division 1 School Cricket Tournament 2023/24

126
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් ඊයේ (19) දිනයෙන් නිමාවට පත් වුනා.

මෙහි දී එක් තරගයක් විසඳුම සහිතව නිමා වන අතරේ, තවත් තරග ත්‍රිත්වයක් විසඳුමකින් තොරව අවසන් වුනා.

තීරණයක් සහිතව අවසන් වූ එකම තරගයෙන් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයක් ලබා ගැනීමට මාතර සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ අතර, මෙම තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මනුග ගුරුගේ කඩුලු 13ක් දවා ගැනීමට (පළමු ඉනිමේ 5 + දෙවැනි ඉනිමේ 8) සමත් වුනා. එමෙන්ම ඊට අමතරව සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් බාසීර් ශකීල් ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව කඩුලු 5 දස්කමක් දැක්වීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදේශ් අල්මේදා සමත් වූ අතර, කැලණිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් තරුෂ කොඩිකාර ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

පැවැත්වුණු තරග අතුරින් වාර්තා වූ එකම ශතකයේ හිමිකරු බවට පත් වීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දිනෙත් ගුණවර්ධන සමත් වූ අතර, ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වුනා.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

(මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී)

සාන්ත ආනා විද්‍යාලය – 58/10 (30.1) සනුජ දිසානායක 10, මනුග ගුරුගේ 5/17, ශෂිඳු මෙත්පතන් 3/9 & 93/10 (37.1) කුශාන් සුභසිංහ 37, මනුග ගුරුගේ 8/34

 

සාන්ත තෝමස් විද්‍යාලය – 64/10 (22.2) අබ්දුල් මාජීඩ් 19, බාසීර් ශකීල් 5/17, කෙවින් නානායක්කාර 4/14 & 90/5 (24) තත්සර දෙව්මිත් 33

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

(සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 162/10 (47.1) නවෝද් ප්‍රනාන්දු 34, තරුෂ කොඩිකාර 5/57, පූර්ණ කල්හාර 3/45 & 139/10 (47.3) කොශේන්ද්‍ර ප්‍රනාන්දු 62, පූර්ණ කල්හාර 4/36, තත්සර එශාන් 3/34

 

කැලණිය ගුරුකුල විද්‍යාලය – 131/10 (50.1) තත්සර එශාන් 56, අදේශ් අල්මේදා 5/27, මලින්ත සිල්වා 4/39 & 104/7 (29.3) ජනිත් මිහිරංග 29, මලින්ත සිල්වා 4/26

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

(නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

කොළඹ නාලන්දා විද්‍යාලය – 82/10 (45.2) මනුප මන්මිත 28, තිසල් යාපා 3/21, වතිල උදාර 3/8 & 135/4 (58) නෙමිඳු අක්මීමන 54, මලිත් රත්නායක 2/41

 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 160/8d (52.1) පුලිෂ තිලකරත්න 59, මල්ෂ ප්‍රනාන්දු 3/43

තරගය ජය පැරදුමෙන් තොරයි, ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

(සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

වේල්ස් කුමර විද්‍යාලය – 126/10 නවීන් ප්‍රනාන්දු 44, ආරෝන් ද සිල්වා 4/39, කවිඳු ඩයස් 3/35 & 65/1 (16)

 

සාන්ත තෝමස් විද්‍යාලය – 215/9d (94.3) දිනෙත් ගුණවර්ධන 104, නෙතුල් අනුහස් 3/66

තරගය ජය පැරදුමෙන් තොරයි, සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<