සැම්බියාවේ ලුසාකා අගනුවර පැවැත්වුණු සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත් වුනා.
මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා එම තරග අංශයේ රන් පදක්කම දිනා ගනු ඇතැයි තරගයට පෙර අනාවැකි පළ වූවද, විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මාලදිවයිනේ ඒ. අබ්දුල් රසාක් සහ එෆ්. අබ්දුල් රසාක් ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කමට හිමිකම් කීම නිසා ඔවුන්ට රිදී පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු වුනා.
කාන්තා යුගල අවසන් මහා තරගයේ දී විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරමින් සාර්ථකව තරගයට අවතීර්ණ වූ හසිනි සහ හසාරා හමුවේ දැඩි අභියෝගයක් එල්ල කළ මාලදිවයින් ක්‍රීඩිකාවන් වට 2-0කින් තරගය ජයගත් අතර, අවසන් ලකුණු තත්ත්වය සටහන් වුනේ 21-17ක් සහ 21-19ක් ලෙසයි.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ඔවුන් දෙදෙනා සිය මීළඟ තරගාවලිය සඳහා බොට්ස්වානා බලා යෑමට නියමිතයි. බොට්ස්වානා හි ඔට්සේ පොලිස් විදුහල් ගෘහස්ථ ජිම්නාස්ටික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 21 වැනිදා සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර, එහි දී කාන්තා යුගල තරග අංශයේ රන් පදක්කම දිනාගැනීම හසිනිගේ සහ හසාරාගේ ඉලක්කය වී තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<