දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඊයේ (19) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.
සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට පැවරී ඇති අතර, ඔහුගේ සහයට ප්‍රවීණ ක්‍රීඩකයින් ලෙස දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සිටිනු ඇති.
කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නිත්‍ය පිට දඟ පන්දු යැවීමේ වගකීම ඉටු කළ රමේෂ් මෙන්ඩිස් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, නිශාන් පීරිස් සංචිතයේ ස්ථිර ස්ථානයක් සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම ලසිත් ඇඹුල්දෙනිය ද මෙවර සංචිතයට එක් වී ඇති අතර, දකුණු අප්‍රිකානු වේගවත් තණතිලි වෙනුවෙන් වේගපන්දු යවන්නන් පස් දෙනෙකු රැගෙන යාමට ද ශ්‍රී ලංකාව තීරණය කර තිබීම විශේෂත්වයක්.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ශ්‍රී ලංකා සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ කසුන් රාජිත
එළඹෙන 27 වැනි දා තරගාවලියේ පළමු තරගය ආරම්භ කිරීමට නියමිත අතර, දෙවැනි තරගය දෙසැම්බර් 05 වැනි දා ආරම්භ වනු ඇති.
ThePapare හරහා ඔබට තරගාවලිය සජීවී ව නැරඹීමේ අවස්ථාව ද හිමි වනු ඇති.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<