ක්‍රීඩා අමාත්‍ය ධුරය සුනිල් කුමාර මහතාට

301
Sunil kumara gamage

නව ජාතික ජනබලවේග (NPP) ආණ්ඩුවේ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය ධුරය සුනිල් කුමාර ගමගේ මහතා හට හිමි වී තිබෙනවා.

පසුගිය 14 වැනි දා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්ත ජයක් ලැබූ නව ආණ්ඩුවේ අමාත්‍යධුර බෙදා දීම අද (18) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණු අතර, එහි දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා ඉදිරියේ සුනිල් කුමාර මහතා සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන සුනිල් කුමර මහතා ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු වරම් ලබා ගත්තා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<