Home Sinhala ශ්‍රී ලංකාවට තවත් එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාවට තවත් එක්දින තරගාවලි ජයක්

New Zealand Tour of Sri Lanka 2024

115
New Zealand Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගනිමින් තරගාවලි ජයග්‍රහණයක් කරා යාමට ශ්‍රී ලංකාව ඊයේ (17) සමත් වුනා. 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වූ අතර, ඔවුන්ගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි. 

ඒ අනුව තරගයේ පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්තයේ මුල් කඩුලු 4ක් ලකුණු 98ක් තුළ බිඳ වැටුණා. 

මෙහි දී දඟ පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක වූ තණතීරුවක Will Young තරමක් ඉවසිලිවන්ත ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනත් ජෙෆ්‍රි වැන්ඩසේ ඔහුගේ ඉනිම නිමා කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් නවසීලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් Mark Chapman සහ Mitchell Hay අතරේ ලකුණු 75ක සබඳතාවක් නිර්මාණය වූ අතර, මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Chapman පන්දු 81කින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුනේ සිය ඉනිම හයේ පහර තුනකින් ද වර්ණවත් කරගන්නා අතරේ දීයි. 

මේ අතර Hay විසින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවීයාම්වලින් අනතුරුව නවසීලන්තයට නැවත හිස එසවීමට හැකියාවක් නොලැබුණු අතර, පන්දුවාර 45 එක් පන්දුවක් තුළ ඔවුන් සියලු දෙනා ලකුණු 209කට දැවී ගියා. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ජෙෆ්‍රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ශණ කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වූ අතර, අසිත ප්‍රනාන්දු විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

වර්ෂාව නිසා පන්දුවාර 47කට සීමා වූ තරගයේ නවසීලන්තයෙන් ලද ඉලක්කය හඹා යාම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණත්, ඊයේ දිනය නම් අවිශ්කට එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. අවිශ්ක ලකුණු 5කට දැවී යන අතරේ, පැතුම් නිස්සංක ද ලකුණු 28ක් ලබා පිටියෙන් ඉවත් වූ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු නොලබාම කඩුල්ලෙන් ඉවත් වී ගියා. ඉන් පසුව පිටියට පිවිසි නායක චරිත් අසලංකට සහ සදීර සමරවික්‍රමට ද ඊයේ දිනය එතරම් සාර්ථක එකක් නොවූ අතර, ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු එකින් එක බිඳ වැටීම නොකඩවාම සිදු වුනා. 

කෙසේ වෙතත් අංක තුන පිතිකරු වූ කුසල් මෙන්ඩිස් නොදැවී කඩුල්ලේ රැඳෙමින් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් සිටි අතර, ඔහු සමග හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් එක් කිරීමට ජනිත් ලියනගේ සමත් වුනේ ලකුණු 22ක් ලබා ගනිමිනුයි. එමෙන්ම ඉන් පසුව කඩුල්ලට පිවිසි දුනිත් වෙල්ලාලගේ මෙන්ඩිස් සමඟ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක් එක් කිරීමට සමත් වූ අතර, එහි දී දුනිත් ඉක්මන් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ හත් වැනි කඩුල්ල ලෙස දුනිත් ලකුණු 163 දී පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව මෙන්ඩිස් සමඟ මහීෂ් තීක්ෂණ කඩුල්ලේ එක් වුනා. මේ මොහොතේ තරගයේ වාසිය තමන් සතු කරගැනීමට නවසීලන්තයට ඉතා පහසු අවස්ථාවක් නිර්මාණය වුනත් මෙන්ඩිස් සහ මහීෂ් එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට සමත් වුනා. මෙහි දී ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ අට වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් මහීෂ්ගේ පිත්තෙන් ලකුණු 27ක් එක් වුනා. මේ අතර තම එක්දින ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 102ක් තුළ ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 6ක් ද එල්ල කළා. 

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Michael Bracewell ලකුණු 36කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව පන්දුවාර 46ක් තුළ කඩුලු 7ක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. 

මේ අනුව ශ්‍රී ලංකාව විසින් තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීම නවසීලන්තය සමඟ පැවැත්වුණු එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මෙසේ ඔවුන් නවසීලන්තය සමඟ පැවැත්වුණු ද්වීපාර්ශවික එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ 2012 වසරෙන් පසුව වීම විශේෂත්වයක්. එමෙන්ම මෙම වසර තුළ දී ශ්‍රී ලංකාව විසින් එක්දින ක්‍රිකට් තරගාවලි 5ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාව එවැනි දක්ෂතාවක් දැක්වීමට සමත් වුනේ වසර 10කට පසුවයි. 

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (19) පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
210/7 (46)

New Zealand
209/10 (45.1)

Batsmen R B 4s 6s SR
Will Young st Kusal Mendis b Jeffery Vandersay 26 40 3 0 65.00
Tim Robinson b Dunith Wellalage 4 4 1 0 100.00
Henry Nicholls b Maheesh Theekshana 8 23 1 0 34.78
Mark Chapman c Avishka Fernando b Asitha Fernando 76 81 7 3 93.83
Glenn Phillips c Avishka Fernando b Charith Asalanka 15 22 1 0 68.18
Mitchell Hay c Kusal Mendis b Maheesh Theekshana 49 62 4 0 79.03
Michael Bracewell c Avishka Fernando b Asitha Fernando 0 4 0 0 0.00
Mitchell Santner c Pathum Nissanka b Jeffery Vandersay 6 15 0 0 40.00
Nathan Smith lbw b Jeffery Vandersay 0 1 0 0 0.00
Ish Sodhi st Kusal Mendis b Maheesh Theekshana 9 12 1 0 75.00
Jacob Duffy not out 4 7 1 0 57.14


Extras 12 (b 0 , lb 2 , nb 0, w 10, pen 0)
Total 209/10 (45.1 Overs, RR: 4.63)
Bowling O M R W Econ
Asitha Fernando 7 0 37 2 5.29
Dunith Wellalage 8 0 46 1 5.75
Maheesh Theekshana 9.1 0 31 3 3.41
Janith Liyanage  3 0 18 0 6.00
Jeffery Vandersay 10 0 46 3 4.60
Charith Asalanka 8 0 29 1 3.62


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Mark Chapman b Michael Bracewell 28 33 4 0 84.85
Avishka Fernando c Henry Nicholls b Mitchell Santner 5 9 1 0 55.56
Kusal Mendis not out 74 102 6 0 72.55
Kamindu Mendis c Mitchell Hay b Michael Bracewell 0 3 0 0 0.00
Charith Asalanka c Ish Sodhi b Michael Bracewell 13 12 2 0 108.33
Sadeera Samarawickrama c Mitchell Hay b Glenn Phillips 8 17 0 0 47.06
Janith Liyanage  c Mitchell Hay b Nathan Smith 22 39 1 0 56.41
Dunith Wellalage c Ish Sodhi b Michael Bracewell 18 17 3 0 105.88
Maheesh Theekshana not out 27 44 2 1 61.36


Extras 15 (b 6 , lb 0 , nb 0, w 9, pen 0)
Total 210/7 (46 Overs, RR: 4.57)
Bowling O M R W Econ
Mitchell Santner 10 1 33 1 3.30
Jacob Duffy 5 0 36 0 7.20
Michael Bracewell 10 0 36 4 3.60
Ish Sodhi 9 0 37 0 4.11
Glenn Phillips 9 0 41 1 4.56
Nathan Smith 3 0 21 1 7.00