Home Sinhala තරගාවලිය සමයි, පැතුම්ගේ උත්සාහය අපතේ යයි

තරගාවලිය සමයි, පැතුම්ගේ උත්සාහය අපතේ යයි

New Zealand Tour of Sri Lanka 2024

58

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් ඊයේ (09) දිනයේ දී අවසන් වුනා. 

තරගාවලියේ දෙවැනි තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණු අතර, මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් නවසීලන්තයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා. 

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන් ම දවා ගැනීමට නුවන් තුෂාර විසින් සමත් වූ අතර, ඉන් පසුව ද නවසීලන්තයට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා නොදෙමින් කඩුලු දඩයමේ යෙදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. 

නවසීලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා වූ Will Young ලකුණු 30ක් ලබාගැනීමට සමත් වූ අතර, ඊට අමතරව නවසීලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වුනේ පිතිකරුවන් දෙදෙනෙකු පමණයි. 

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර මතීෂ පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම නුවන් තුෂාරට කඩුලු 2ක් හිමි වුනා. මේ අතරතුර වනිඳු පාදයේ ආබාධයකට ගොදුරු වීම ද විශේෂ අවධානයක් යොමු වූ සිදුවීමක්. 

මේ අනුව නවසීලන්ත ඉනිමේ 20 වැනි පන්දුවාරයේ තෙවන පන්දුව වන විට සියලු පිතිකරුවන් දැවී ගොස් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 108ක් පමණයි. 

කෙසේ වෙතත් නවසීලන්තයෙන් ලද පහසු බව පෙනුණු ඉලක්කය හඹා යාම ශ්‍රී ලංකාවට ද කිසි සේත් ම පහසු එකක් වුනේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ඉනිමේ ලකුණු තත්වය ලකුණු 6ක් වන විට දැවී ගිය අතර, එතැන් පටන් ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පසු පස එකා තම කඩුලු නවසීලන්තය වෙත පූජා කරමින් පිටියෙන් ඉවත් වුනා.  

කෙසේ නමුත් මෙහි දී ශ්‍රී ලංකාවේ කොඳු නාරටිය බවට පත් වූ පැතුම් නිස්සංක ඉතා ඉවසිලිවන්ත ලෙස සිය ඉනිම දියත් කරමින් පන්දු 51කින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව භානුක රාජපක්ෂ ලකුණු 15ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා. 

නමුත් තරගයේ අවසන් පන්දුවාරයේ දී පැතුම්ගේ ඉනිම නිමා වීමත් සමඟ තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී ගිය අතර, පන්දුවාර 19 පන්දු 5ක් තුළ ශ්‍රී ලංකාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 103ක් පමණයි. 

නවසීලන්ත ඉනිමේ මෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ ද ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් වුනේ පිතිකරුවන් තිදෙනෙකු පමණයි. නවසීලන්තය වෙනුවෙන් Lockie Ferguson සහ Glenn Phillips කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව නවසීලන්තය මෙම තරගයෙන් ලකුණු 05ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර, තරගයේ වීරයා ලෙස Glenn Phillips සම්මාන දිනා ගත්තා.  

මේත් සමඟම දෙරට අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස අවසන් වන අතර, තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංග හට හිමි වුනා.  

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන 13 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි. 

එම තරගාවලිය පිළිබඳව ද සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
103/10 (19.5)

New Zealand
108/10 (19.3)

Batsmen R B 4s 6s SR
Tim Robinson b Nuwan Thushara 0 1 0 0 0.00
Will Young st Kusal Mendis b Wanindu Hasaranga 30 32 3 0 93.75
Matt Henry c Kamindu Mendis b Nuwan Thushara 2 6 0 0 33.33
Glenn Phillips b Wanindu Hasaranga 4 9 0 0 44.44
Michael Bracewell b Wanindu Hasaranga 0 4 0 0 0.00
Mitchell Hay b Wanindu Hasaranga 3 5 0 0 60.00
Mitchell Santner c Dunith Wellalage b Matheesha Pathirana 19 24 2 0 79.17
Josh Clarkson b Matheesha Pathirana 24 25 0 2 96.00
Zakary Foulkes c Bhanuka Rajapakse b Matheesha Pathirana 6 6 0 0 100.00
Ish Sodhi c Kamindu Mendis b Maheesh Theekshana 1 5 0 0 20.00
Lockie Ferguson not out 0 0 0 0 0.00


Extras 19 (b 11 , lb 5 , nb 0, w 3, pen 0)
Total 108/10 (19.3 Overs, RR: 5.54)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 22 2 5.50
Maheesh Theekshana 3.3 0 16 1 4.85
Dunith Wellalage 4 0 26 0 6.50
Wanindu Hasaranga 4 1 17 4 4.25
Matheesha Pathirana 4 1 11 3 2.75


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Henry Nicholls b Glenn Phillips 52 51 6 0 101.96
Kusal Mendis b Mitchell Santner 2 7 0 0 28.57
Kusal Perera c Mitchell Hay b Lockie Ferguson 3 10 0 0 30.00
Kamindu Mendis lbw b Lockie Ferguson 1 5 0 0 20.00
Charith Asalanka c Mitchell Hay b Lockie Ferguson 0 1 0 0 0.00
Bhanuka Rajapakse c Mitchell Hay b Michael Bracewell 15 13 1 0 115.38
Wanindu Hasaranga c Henry Nicholls b Zakary Foulkes 3 7 0 0 42.86
Dunith Wellalage c Mitchell Hay b Michael Bracewell 1 9 0 0 11.11
Maheesh Theekshana c Mitchell Hay b Glenn Phillips 14 16 1 0 87.50
Matheesha Pathirana st Mitchell Hay b Glenn Phillips 0 1 0 0 0.00
Nuwan Thushara not out 1 1 0 0 100.00


Extras 11 (b 4 , lb 0 , nb 2, w 5, pen 0)
Total 103/10 (19.5 Overs, RR: 5.19)
Bowling O M R W Econ
Mitchell Santner 4 0 14 1 3.50
Zakary Foulkes 4 0 23 1 5.75
Lockie Ferguson 2 0 7 3 3.50
Ish Sodhi 4 0 26 0 6.50
Michael Bracewell 4 0 23 2 5.75
Glenn Phillips 1.5 0 6 3 4.00