Home Sinhala චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි

චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි

New Zealand Tour of Sri Lanka 2024

92
New Zealand Tour of Sri Lanka 2024

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අද (09) දිනයෙන් ආරම්භ වුනේ දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ක්‍රියාත්මක වීමත් සමඟයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය නවසීලන්තය සතු වූ අතර, මෙහි දී ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නමුත් නවසීලන්ත ඉනිමේ තුන්වැනි පන්දුවාරයේ දී දුනිත් වෙල්ලාලගේ පන්දුව අතට ගැනීමත් සමඟින් ම නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය කෙතරම් සාර්ථක එකක් ද යන ගැටලුව පැන නැගීමට පටන් ගත්තා.

නවසීලන්ත ඉනිමේ කඩුලු 5ක් ලකුණු 59ක් තුළ බිඳ වැටුණු අතර, ඉනිමේ 08 වැනි කඩුල්ල බිඳ වැටෙන විට ඉනිමේ ලකුණු තත්වය සටහන් වී තිබුණේ ලකුණු 96ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ මොහොතේ නොසිතූ ලෙස ක්‍රියාත්මක වූ Zakary Foulkes විසින් පන්දු 16ක් තුළ ලකුණු 27ක් ලබා ගනිමින් නවසීලන්තයට තරමක හෝ ගෞරවාන්විත තත්වයක් කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කර දුන්නා. මෙහි දී නවසීලන්තය පන්දුවාර 19 පන්දු 3ක් තුළ සියල්ලන් ම දැවී ලකුණු 135ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිඳ හෙළනා අතරේ නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

නවසීලන්තයෙන් ලැබුණු ඉලක්කය හඹා යාම සඳහා කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිටියට පිවිසුණු අතර, අද දිනයේ දී කුසල් එකඳු ලකුණක් හෝ නොලබා පිටියෙන් ඉවත් වුනා. කෙසේ වෙතත් පැතුම් (ලකුණු 19ක්), කුසල් ජනිත් (ලකුණු 23ක්) සහ කමිඳු මෙන්ඩිස් (ලකුණු 23ක්) විසින් ශ්‍රී ලංකා මුල් පෙළ වෙනුවෙන් තරමක ස්ථාවර බවක් ලබා දීමට සමත් වුනා.

නමුත් ඉනිමේ ලකුණු තත්වය 87ක් වන විට 5 වැනි කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීමට තරමක සටනක් ලබා දීමට සිදු වන බවක් දක්නට ලැබුණා. මේ මොහොතේ වනිඳු හසරංග සහ නායක චරිත් අසලංක කඩුල්ලේ එක් වෙමින් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් එක් කිරීමට සමත් වූ අතර, වනිඳු ඒ වෙනුවෙන් ලකුණු 22කින් දායක වුනා. එමෙන්ම වනිඳුගේ ඉවත් වීමෙන් පසුව පිටියට පිවිසුණු දුනිත් වෙල්ලාලගේ පන්දු 7කින් ලකුණු 11ක් ලබමින් තම නායකයාට අවශ්‍ය සහය ලබා දීමට සමත් වුනා. මේ අතරවාරයේ තරගයේ වීරයා සම්මානය ද ඩැහැ ගනිමින් ජයග්‍රාහී ඉනිමක් දියත් කළ චරිත් පන්දු 28කින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනේ එක් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් ද එල්ල කරමිනුයි. නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සාර්ථක වූ Zakary Foulkes කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනත්, එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වලක්වාලීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාව අදාළ ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 6ක් දැවී සපුරා ගැනීමට සමත් වුනා.

දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (10) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
140/6 (19)

New Zealand
135/10 (19.3)

Batsmen R B 4s 6s SR
Tim Robinson b Dunith Wellalage 3 6 0 0 50.00
Will Young lbw b Maheesh Theekshana 19 19 1 1 100.00
Mark Chapman c Wanindu Hasaranga b Nuwan Thushara 1 6 0 0 16.67
Glenn Phillips lbw b Wanindu Hasaranga 13 13 1 0 100.00
Michael Bracewell c Kamindu Mendis b Nuwan Thushara 27 24 2 1 112.50
Mitchell Hay c Kusal Mendis b Matheesha Pathirana 0 2 0 0 0.00
Josh Clarkson c Kamindu Mendis b Matheesha Pathirana 3 6 0 0 50.00
Mitchell Santner st Kusal Mendis b Wanindu Hasaranga 16 16 2 0 100.00
Zakary Foulkes not out 27 16 1 1 168.75
Ish Sodhi c Charith Asalanka b Dunith Wellalage 10 9 1 0 111.11
Jacob Duffy c Kusal Mendis b Dunith Wellalage 0 1 0 0 0.00


Extras 16 (b 0 , lb 6 , nb 5, w 5, pen 0)
Total 135/10 (19.3 Overs, RR: 6.92)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 21 1 5.25
Nuwan Thushara 3 0 14 2 4.67
Dunith Wellalage 3.3 0 20 3 6.06
Wanindu Hasaranga 4 0 20 2 5.00
Charith Asalanka 2 0 25 0 12.50
Matheesha Pathirana 3 0 29 2 9.67


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Zakary Foulkes 19 14 2 1 135.71
Kusal Mendis lbw b Mitchell Santner 0 5 0 0 0.00
Kusal Perera lbw b Michael Bracewell 23 17 2 1 135.29
Kamindu Mendis c Ish Sodhi b Glenn Phillips 23 16 4 0 143.75
Charith Asalanka not out 35 28 1 2 125.00
Bhanuka Rajapakse c Mitchell Hay b Zakary Foulkes 4 4 1 0 100.00
Wanindu Hasaranga c Mitchell Santner b Zakary Foulkes 22 23 3 0 95.65
Dunith Wellalage not out 11 7 1 1 157.14


Extras 3 (b 0 , lb 1 , nb 0, w 2, pen 0)
Total 140/6 (19 Overs, RR: 7.37)
Bowling O M R W Econ
Jacob Duffy 4 0 29 0 7.25
Mitchell Santner 4 0 30 1 7.50
Michael Bracewell 4 0 31 1 7.75
Zakary Foulkes 3 0 20 3 6.67
Ish Sodhi 2 0 17 0 8.50
Glenn Phillips 2 0 12 1 6.00