පානදුර ජයග්‍රහණයට යසන්තිගෙන් අභීත මෙහෙයුමක්

Major Club Women’s 50 Over Tournament 2024

95
Yasanthi-Savindi-Rashmika

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (30) අවසන් වුනා.

එහි දී Panadura කණ්ඩායම මෙම තරගාවලියේ පිට පිට ලත් 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කළ අතර ACE Capital කණ්ඩායම ද ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූවා.

Panadura කණ්ඩායමේ ජයග්‍රහණයේ දී යසන්ති හේරත් සුවිශේෂී මෙහෙවරක නිරත වීම කැපී පෙණුනා. එහි දී ඇය පන්දු යැවීමේ දී ප්‍රතිවාදී කඩුලු 3ක් ලකුණු 8කට දවා ගන්නා ලද අතර අවසන් පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිස පැයකට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටිමින් තම කණ්ඩායමේ ජයග්‍රාහී ගමනට පිතිකාරිනියක ලෙසින් දැක්විය යුතු දායකත්වය ද දැක් වූවා.

Baduraliya කණ්ඩායමට එරෙහි ව තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී ඇය පන්දු 49කට මුහුණ දෙමින් ලබා සිටියේ ලකුණක් පමණක් වූව ද අවසන් කඩුල්ල වෙනුවෙන් රශ්මිකා සෙව්වන්දි සමඟ එක් වෙමින් පන්දු 94ක දී නොදැවුණ ලකුණු 32ක සබඳතාවක් ගොඩ නැගීමට දායකත්වය දක්වනවා.

එහි දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් රශ්මිකා සෙව්වන්දි දිනයේ වැඩිම ලකුණුලාභිනිය වෙමින් පන්දු 71කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තා.

නිමා වූ තරග ද්විත්වයේ දී හොඳම පන්දු යැවීම Panadura කණ්ඩායමේ සාවින්දි කුරේ විසින් වාර්තා කළා. ඇය Baduraliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන් පුවරු

Panadura SC සහ Baduraliya CC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Baduraliya CC – සියලුම දෙනා දැවී 73 (31.4) නෙතඟි ඉසුරංජලී 18, සාවින්දි කුරේ 4/10, යසන්ති හේරත් 3/08

 

Panadura SC – කඩුලු 9ක් දැවී 74 (31.3) රශ්මිකා සෙව්වන්දි නොදැවී 43, රශ්මි නේත්‍රාංජලී 3/09, ශෙහාරා ඉඳුවරී 3/28

Panadura කණ්ඩායමට කඩුල්ලක ජයක්.

ACE Capital සහ BRC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

BRC – සියලුම දෙනා දැවී 77 (45.2) මිහින්දි ආරච්චිගේ 10, දැහැමි සෙනෙත්මා 2/19, සුගන්දිකා පතිරණ 2/10, ජනාදි අනාලි 2/10, දේවගී ජෙගනාදන් 2/11

 

ACE Capital CC – කඩුලු 2ක් දැවී 78 (19.0) හෂිනි ඉන්ඳ්‍රජිත් නොදැවී 32, දැහැමි සෙනෙත්මා නොදැවී 24

ACE Capital කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<