සුමුදු, කවීෂා, නිලූකා සහ රශ්මිකා දක්ෂතා දක්වයි

Major Club Women’s 50 Over Tournament 2024

124
Major Club Women’s 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (23) පැවැති තරගවල දී සුමුදු නිසංසලා සහ කවීෂා දිල්හාරි පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දක්වද්දී නිලූකා කුශාන්ති සහ රශ්මිකා සෙව්වන්දි කඩුල ලබා ගැනීමේ දී පෙරමුණ ගත්තා.

අද නිමා වූ තරගවල දී හොඳම ඉනිම ක්‍රීඩා කරන්නේ Chilaw Marians කණ්ඩායමේ සුමුදු නිසංසලා. ඇය Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඊට අමතර ව එම කණ්ඩායමේ ම නායිකා කවීෂා දිල්හාරි ද පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ නිලූකා කුශාන්ති. ඇය ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. මේ අතර Panadura කණ්ඩායම නියෝජනය කරන දකුණතින් මඳ වේග පන්දු යවන රශ්මිකා සෙව්වන්දි ද ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.

අද පැවැති තරගවල දී Chilaw Marians කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 164ක ජයක්, Air Force SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්, Navy කණ්ඩායමට කඩුලු 6ක ජයක් සහ Army කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි වුනා.

මේ අතර අද හැව්ලොක් පෙදෙස BRC ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ BRC  සහ Tamil Union කණ්ඩායම් අතර තරගය පැවැති වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

තරගවල කෙටි ලකුණු සටහන් පුවරු

Chilaw Marians CC සහ Panadura SC අතර තරගය සූරියවැව දී.

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 224 (30.0) සංජනා කාවින්දි 25, කවීශා දිල්හාරි 53, මනුදි නානායක්කාර 36, සුමුදු නිසංසලා 60, චේතනා විමුක්ති 3/40, රශ්මිකා සෙව්වන්දි 4/41

Panadura SC – සියලුම දෙනා දැවී 55 (17.4) දෙව්මි විහංඟා 2/16, සචිනි නිසංසලා 3/09

Chilaw Marians කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 164ක ජයක්.

NCC සහ Air Force SC අතර තරගය ගුවන් හමුදා ක්‍රීඩාංගණය කටුනායක දී.

NCC – කඩුලු 7ක් දැවී 112 (50.0) චුශදි කෞෂල්‍යා 27, ගීත්මා මයන්ති 21, ඉනෝෂි ප්‍රනාන්දු 2/22, චමරි පොල්ගම්පළ 3/10

Air Force SC – කඩුලු 4ක් දැවී 116 (33.0) චමරි පොල්ගම්පළ 17, චතුරානි ගුණවර්ධන 28, අමා කාංචනා නොදැවී 24, විශ්මි සොයිසා 2/23

Air Force SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Navy SC සහ Colts CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

Colts CC – සියලුම දෙනා දැවී 57 (25.5) නිලක්ෂි කාවින්ද්‍යා 14, සත්‍යා සංදීපනී 2/14, ඉනෝකා රණවීර 3/17, රශ්මි සිල්වා 2/04

Navy SC – කඩුලු 4ක් දැවී 58 (14.1) හසිනි පෙරේරා 15, ප්‍රසාදනී වීරක්කොඩි 15, හංසිමා කරුණාරත්න නොදැවී 16, චමරි ලක්ශානි 2/21

Navy කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Kurunegala YCC සහ Army SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Kurunegala YCC – සියලුම දෙනා දැවී 62 (41.4) ධරණි දිසානායක 19, රන්දි ප්‍රේමරත්න 2/07, නිලූකා කුශාන්ති 4/10

Army SC – කඩුලු 3ක් දැවී 67 (18.1) ඉමල්කා මෙන්ඩිස් 26, නෙත්මි පූර්ණා 16, දනුලි තෙන්නකෝන් 3/16

Army කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<