2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි දිනය අද (21) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
අද දිනය තුළ ද තවත් තරග වාර්තා කිහිපයක් ම බිහි වීම විශේෂත්වයක්.
මෙහි දී කොළඹ ගේට්වේ විද්‍යාලය නියෝජනය කරන අශේන් තෙවරප්පෙරුම විසින් 14න් පහළ දුර පැනීම ඉසව්ව නියෝජනය කරමින් මීටර් 6.23ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා. මෙය නව තරග වාර්තාවක් ලෙස සටහන් වූ අතර, මෙවර ශූරතාවලියේ දී ඔහු විසින් සටහන් කළ තෙවැනි තරග වාර්තාව ලෙස මෙය සටහන් වීම විශේෂත්වයක්.
මේ අතර 18න් පහළ පිරිමි මීටර් 800 ඉසව්ව නියෝජනය කළ සාන්ත ඇලෝශියස් විද්‍යාලයේ G.D.L අචින්ත මිනිත්තු 1.58.62ක කාලයක් සමඟ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. මේ අතර 20න් පහළ මීටර් 800 ඉසව්ව නියෝජනය කළ නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාලයේ ශවිඳු අවිශ්ක මිනිත්තු 1.52.00ක කාලයක් සමඟ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.
මේ අතර මීටර් 1500 ඉසව්වෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ තරුෂි අභිශේකා විසින් අද දිනයේ දී 18න් පහළ මීටර් 800 ඉසව්වේ පෙර පැවති තරග වාර්තාව අලුත් කිරීමට සමත් වුනේ මිනිත්තු 2.11.00ක කාලයක් වාර්තා කරමිනුයි.
<<අද දිනය දක්වා තරග ප්‍රතිඵල>>
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
අද දිනයට නියමිත තරග මෙසේ අවසන් වන අතරේ ශූරතාවලියේ පස්වැනි සහ අවසන් දිනය හෙට (22) ක්‍රියාත්මක වීමට නියමිතයි.
එහි දී මීටර් 60, මීටර් 300 සහ 400 කඩුලු පැන දිවීම, 100×4 සහ 400×4 ඉසව් ක්‍රියාත්මක වීමට නියමිතයි.
එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.