2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (18) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
ඊයේ දිනය තුළ නව තරග වාර්තා පහක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සමත් වීම විශේෂත්වයක්.
මෙහි දී වයස අවුරුදු 14න් පහළ පිරිමි උස පැනීම ඉසව්වෙන් මීටර් 1.76ක උසක් තරණය කළ කොළඹ ගේට්වේ විද්‍යාලයේ අශේන් තෙවරප්පෙරුම නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා.
16න් පහළ එමෙන්ම කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ P.R.A.D.N.රාජපක්ෂ මීටර් 5.94ක දුරක් තරණය කරමින් ද, 18න් පහළ තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ කළුතර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දිලිකි නෙහාරා මීටර් 12.17ක දුරක් තරණය කරමින් ද නව තරග වාර්තා බිහි කළා.
මේ අතර 16න් පහළ කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ තරණි නිර්මාණා තත්පර 12.47ක කාලයක් වාර්තා කරමින් සහ 18න් පහළ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දිලත්මා රන්සිනි තත්පර 12.19ක කාලයක් වාර්තා කරමින් ද නව තරග වාර්තා බිහි කිරීමට සමත් වීම විශේෂත්වයක්.
- කාන්තා මැරතන් ලෝක වාර්තාව අලුත් වෙයි
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- කාලිංග සහ අරුණ අතරේ තියුණු සටනක්
- අරුණ ඔලිම්පික් වරම් ලබයි!
මේ අතර ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ අවසන් තරග අතුරින් 20න් පහළ පිරිමි රිටි පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට C.තුශාන්තන් (4.30m) විසින් සමත් වුනා.
එමෙන්ම 20න් පහළ පිරිමි යගුලිය විසිකිරීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට ආනමඩුව මධ්‍ය විද්‍යාලයේ සෙනුර ලක්ෂාන් (14.71m) සමත් වූ අතර 18න් පහළ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ කැලණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ තේමිය බිම්සර (65.29m) ඉසව්ව ජයග්‍රහණය කළා.
මේ අතර 20න් පහළ කාන්තා යගුලිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ කොළඹ විශාකා විද්‍යාලයේ එසඳි සකිත්මා (9.65m) ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
ඊයේ දිනය නිමාවන විට ලකුණු 103ක් සමඟින් බස්නාහිර පළාත ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගෙන සිටිද්දී, වයඹ පළාත ලකුණු 24ක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳී සිටියා.
ශූරතාවලියේ දෙවැනි දිනය අද (19) ක්‍රියාත්මක වනවා.
එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<