13 වැනි අසියානු දැල්පන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඊයේ (19) ක්‍රියාත්මක වුනා.
ඉන්දියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකාව ඊයේ තම පළමු තරගය ලෙස පිලිපීනය සමඟ තරග වැදුණා.
එම තරගයේ පළමු කාර්තුවේ දී ලකුණු 24-08ක් ලෙස පිලිපීනය අසරණ කරමින් තරගයේ වාසිය තමන් වෙත ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, පළමු අර්ධය නිමා වන විට එම ලකුණු තත්වය 43-17ක් ලෙස තවත් ඉදිරියට රැගෙන යාමට ඔවුන්ට හැකියාව ලැබුණා.
- 2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු
- ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක්
- සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!
- දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවමත් ජීවමානයි
- ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්‍රබල අභියෝගයක්
කෙසේ වෙතත් තරගයේ තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව ලකුණු 13ක් ලබා ගන්නා අතරේ පිලිපීන ක්‍රීඩිකාවන් ලකුණු 17ක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළා. නමුත් තරගයේ අවසන් අර්ධය නැවතත් තමන් යටතට ලබා ගත් ශ්‍රී ලංකාව තවත් ලකුණු 17ක් ලබා ගන්නා අතරේ පිලිපීනයෙන් වාර්තා වුනේ ලකුණු 10ක් පමණයි.
ශ්‍රී ලංකාව 73 – 44 පිලිපීනය
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය අද (19) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු තතු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<