නේපාලයේ දී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතා තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයෙන් මාලදිවයිනට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත් වුනා.
නේපාලයේ කත්මණ්ඩු හි Dashrath ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ 15 වැනි මිනිත්තුවේ දී තම මංගල තරගය ක්‍රීඩා කරමින් සිටි ඉමේෂා වර්ණකුලසූරිය විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වීමත් සමඟ තරගයේ සියලු වාසි ශ්‍රී ලංකාව වෙතට දෝලනය වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
එම ඉදිරියත් සමඟින් ශ්‍රී ලංකාව තවදුරටත් තරගයේ ආධිපත්‍යය රැකගනිමින් දිගින් දිගටම මාලදිවයින් ගෝල සීමාව ආක්‍රමණය කිරීමේ යෙදුණු නමුත් ඉන් පසුව ගෝලයක් වෙත යාමට ඔවුන්ට අවස්ථාවක් හිමි වුනේ නැහැ. කෙසේ වෙතත් මෙම කාල සීමාව පුරාවට මාලදිවයින් ක්‍රීඩිකාවන්ට ද ගෝල ලබා ගැනීමේ අවස්ථා අවහිර කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.
ඒ අනුව තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 1-0ක ජයග්‍රහණයක් උරුම වුනා.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය එළඹෙන 21 වැනි දා සත්කාරක නේපාලය සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<