Home Sinhala ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පසු බසී

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පසු බසී

ACC Emerging Teams Asia Cup 2024

90

වමතින් දඟ පන්දු යවන දුශාන් හේමන්ත තම විස්සයි විස්ස පිටියේ ඉහළ ම දක්ෂතාව දැක් වූව ද ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ගේ දක්ෂතා හේතුවෙන් නැගී එන කණ්ඩායම් අතර (18දා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 11ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූවා.  

ඕමාන් Al Amarat හී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 166ක ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 155ක් පමණයි.   

ශ්‍රී ලංකා A කණ්ඩායම 

නුවනිඳු ප්‍රනාන්දු (නායක), යශෝධ ලංකා, ලහිරු උදාර (කඩුලු රකින්නා), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, ඉසිත විජේසුන්දර, රමේෂ් මෙන්ඩිස්, දුශාන් හේමන්ත, නිපුන් රංසික, එශාන් මාලිංග. 

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම 

Darwish Rasooli (නායක), Zubaid Akbari, Sediqullah Atal, Karim Janat, Sharafuddin Ashraf, Shahidullah, Mohammad Ishaq, Nangeyalia Kharote, AM Ghazanfar, Faridoon Dawoodzai, Bilal Sami. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාව අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම් ඉනිමේ ආරම්භයේ සිට ම ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහි ව ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වෙනවා.  

එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි Zubaid Akbari සහ Sediqullah Atal එක් ව පන්දු 95ක දී ලකුණු 142ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Sediqullah Atal දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක සමඟින් ලකුණු 83ක් ලබා සිටියා.  

අනතුරු ව තවත් ලකුණු 24ක් තුළ කඩුලු ලකුණු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූව ද ඒ වෙද්දි ප්‍රතිවාදී ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව කඩුලු 7කට කඩුලු 166ක් දක්වා රැගෙන යෑමට ඔවුන් සමත් ව තිබුණා.  

ඒ වෙද්දී පළමු කඩුල්ලේ සබඳතාවට එක් ව සිටි Zubaid Akbari පන්දු 54කට මුහුණ දෙමින් හතරේ 4ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටි අතර අනෙක් පිතිකරුවන් අතුරින් Sharafuddin Ashraf පන්දු 8ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගනිමින් ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසි අවසන් පිතිකරු බවට පත් වූවා.  

ඇෆ්ගනිස්තාන ඉනිමේ දැවී ගිය කඩුලු 7න් කඩුලු 6ක ම හිමිකාරීත්වය වමතින් දඟ පන්දු යවන දුශාන් හේමන්ත සතු කර ගැනීමට සමත් වූවා. ලකුණු 23කට දවා ගත් එම කඩුලු සංඛ්‍යාව දුශාන් හේමන්ත ගේ තරග 61ක වන විස්සයි විස්ස තරග දිවියෙ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටිය පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක නුවනිඳු ප්‍රනාන්දු. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 51ක් ලබා ගත්තා.  

ඊට අමතර ව අහන් වික්‍රමසිංහ පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගැනීමට ද සමත් වූවා.  

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 155කට සීමා කිරීමේ දී  Faridoon Dawoodzai ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Bilal Sami සහ AM Ghazanfar කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 166 (20.0) Zubaid Akbari 57, Sediqullah Atal 83, දුශාන් හේමන්ත 6/23 

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – සියලුම දෙනා දැවී 155 (19.3) නුවනිඳු ප්‍රනාන්දු 51, අහන් වික්‍රමසිංහ 31, Bilal Sami 2/19, AM Ghazanfar 2/19, Faridoon Dawoodzai 3/40 

 

ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ලකුණු 11ක ජයක්.  

  • තරගයේ වීරයා – Sediqullah Atal (ඇෆ්ගනිස්තානය) 

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 20 වැනිදා හොංකොං කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.  

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Afghanistan A
166/7 (20)

Sri Lanka A Team
155/10 (19.3)

Batsmen R B 4s 6s SR
Zubaid Akbari run out (Sahan Arachchige) 57 54 4 0 105.56
Sediqullah Atal c Sahan Arachchige b Dushan Hemantha 83 46 2 7 180.43
Darwish Rasooli c Kamindu Mendis b Dushan Hemantha 3 5 0 0 60.00
Karim Janat st Lahiru Udara b Dushan Hemantha 0 1 0 0 0.00
Sharafuddin Ashraf st Lahiru Udara b Dushan Hemantha 12 8 1 0 150.00
Shahidullah c Pavan Rathnayake b Dushan Hemantha 1 4 0 0 25.00
Mohammad Ishaq  not out 1 1 0 0 100.00
Nangeyalia Kharote c Pavan Rathnayake b Dushan Hemantha 0 1 0 0 0.00


Extras 9 (b 1 , lb 2 , nb 0, w 6, pen 0)
Total 166/7 (20 Overs, RR: 8.3)
Bowling O M R W Econ
Sahan Arachchige 4 0 20 0 5.00
Ramesh Mendis 3 0 38 0 12.67
Isitha Wijesundera 2 0 21 0 10.50
Nipun Dhananjaya 3 0 29 0 9.67
Eshan Malinga 4 0 32 0 8.00
Dushan Hemantha 4 0 23 6 5.75


Batsmen R B 4s 6s SR
Yashodha Lanka c Mohammad Ishaq  b Faridoon Dawoodzai 15 12 2 0 125.00
Lahiru Udara c Shahidullah b AM Ghazanfar 6 8 1 0 75.00
Nuwanidu Fernando run out (Darwish Rasooli) 51 32 6 1 159.38
Pavan Rathnayake c Nangeyalia Kharote b Sharafuddin Ashraf 12 21 0 0 57.14
Sahan Arachchige b AM Ghazanfar 13 9 0 1 144.44
Ahan Wickramasinghe c AM Ghazanfar b Bilal Sami  31 18 3 0 172.22
Isitha Wijesundera run out (Mohammad Ishaq ) 5 6 1 0 83.33
Ramesh Mendis c Qais Ahmed b Faridoon Dawoodzai 2 3 0 0 66.67
Dushan Hemantha lbw b Faridoon Dawoodzai 6 2 0 1 300.00
Nipun Dhananjaya b Bilal Sami  6 5 0 1 120.00
Eshan Malinga not out 0 0 0 0 0.00


Extras 8 (b 5 , lb 0 , nb 0, w 3, pen 0)
Total 155/10 (19.3 Overs, RR: 7.95)
Bowling O M R W Econ
Bilal Sami  3.3 0 19 2 5.76
AM Ghazanfar 3 0 19 2 6.33
Faridoon Dawoodzai 4 0 40 3 10.00
Nangeyalia Kharote 2 0 24 0 12.00
Sharafuddin Ashraf 4 0 20 1 5.00
Karim Janat 3 0 28 0 9.33