9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය අද (17) සහ හෙට (18) පැවැත්වීමට නියමිතයි. මෙම තරග ද්විත්වය සඳහා A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද සහ B කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්වෝ සහ දකුණු අප්‍රිකාව ද සුදුසුකම් ලබා ගත්තා.
පළමු අවසන් පූර්ව තරගය
ඔක්තෝබර් 17 වැනිදා
- ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙවර තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම වන ඔස්ට්‍රේලියාව, මෙම තරගයට එක් වෙන්නේ ආසන්ත ම ලෝක ශූර කණ්ඩායම ලෙසයි. ඔවුන් ඊට පෙර 2010, 2012 සහ 2014 යන වසරවල පිට පිට පැවැති තරගාවලි ත්‍රිත්වයේ දී මෙන් ම 2018, 2020 සහ 2023 යන වසරවල පිට පිට පැවැති තරගාවලි ත්‍රිත්වයේ දී ද ශූරියන් ලෙසින් අභිශේක ලැබූ කණ්ඩායමයි.
මෙතෙක් පැවැති ලෝක කුසලාන තරග ඉතිහාසයේ සෑම විටක දි ම අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබූ එක ම කණ්ඩායම බවට ද ඔස්ට්‍රේලියාව පත් වෙනවා. ඔවුන් මංගල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා ද සහ 2016 වසරේ දී අනුශූරියන් ලෙසින් ද තරගාවලියන් නිමා කරනවා.
එවන් අභිමානවත් අතීතයක් හිමි ඔස්ට්‍රේලියාව සමඟින් අද තරගයට පිවිසෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඒ තරමින් ම ගෞරවනීය අතීතයක් කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නැහැ. ඔවුන් ලැබූ ඉහළ ම ජයග්‍රහණය වන්නේ 2023 වසරේ දී ලැබූ අනුශූරතාවයි.
එම වසරේ දී ඔවුන් ඒ තත්ත්වයට ඇද දමන්නේ අද තරගයේ දී ප්‍රතිවාදීන් ලෙසින් හමුවන ඔස්ට්‍රේලියානුවන් වීමත් දෛවෝපගතයි. එබැවින් මෙම තරගයේ දී එදා තරගයේ උණුසුම ම විඳ ගැනීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානුවෝ 2014 සහ 2020 වසර ද්විත්වයේ ද අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් ව තිබෙනවා.
- Lanka T10 පළමු තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී
- අහිමි කිරුළක පරාජිත ගමනාන්තය
- කොදෙව්වෝ පෙරළියක් කරමින් ඉදිරියට
- පාකිස්තාන පිතිකරණය ඉන්දීය සිහින බොඳ කරයි
- 9 වැන්නේ සිට T20 අතීතය විමසමු
2 වැනි අවසන් පූර්ව තරගය
ඔක්තෝබර් 18 වැනිදා
- නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගය සඳහා එක් වෙන කණ්ඩායම් ද්විත්වය ම මෙවර තරගාවලියේ දී සම දක්ෂතා දක්වමින් මේ සඳහා එක් වෙනවා. ඔවුන් සහභාගී වූ පළමු වටයේ තරගවල දී එක් තරගය බැගින් පරාජය වන අතර තරග ත්‍රිත්වයක් ජයග්‍රහණය කරමින් මේ වටය සඳහා පිවිසීමට සුදුසුකම් ලබා ගන්නවා.
මේ අතුරින් බටහිර ඉන්දීය කොදෙව්වෝ මේ තරගයට එක් වෙන්නේ 2016 වසරේ ශූරියන් සහ 2010, 2012, 2014 සහ 2018 යන සිව් වසරවල දී අවසන් පූර්ව වටය දක්වා ද පිවිසි අත්දැකීම් සහිතවයි.
ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමේ ඉහළ ම දක්ෂතාවන් ලැයිස්තු ගත වෙන්නේ 2009 සහ 2010 වසර ද්විත්වයේ ලත් අනුශූරතාවන් දිනා ගැනීමයි. ඔවුන් ඊට පසු 2012 වසරේ දී සහ 2016 වසරේ දී ද අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබෙනවා.
මෙම කණ්ඩායම් ද්විත්වය ලෝක කුසලාන ඉතිහාසයේ මිට පෙර 2016 වසරේ දී ද මේ ලෙසින් ම අවසන් පූර්ව වටයේ දී එකිනෙකා හමුවෙනවා. ඔවුන් අතර පැවැති එම තරගයෙන් ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නා බටහිර ඉන්දීය කොදෙව්වෝ එවර තරගාවලියේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන් නොනැවතී අවසන් මහා තරගය ද ජයග්‍රහණය කරමින් ශූරියන් බවට ද පත් වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව්වෝ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලැබූ එක ම ශූරතාව ද මෙය වන අතර එවර ඔවුන් පරාජය කරන්නේ මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට එක් වෙන ඔස්ට්‍රේලියාව වීමත් විශේෂත්වයක්.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<