ඔක්තෝබර් 12 වැනිදා

ICC Women's T20 World Cup

78

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි දිනය වූ ඔක්තෝබර් 12 වැනිදා නිමා වෙන්නේ මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ගමන නිමා කරමින්.  

A කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 4කට සහභාගී වෙමින් කිසිඳු තරගයක ජයග්‍රහණයක් නොලබමිනුයි. B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ බංග්ලාදේශය ස්කොට්ලන්තයට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කරමින් අනෙක් තරග ත්‍රිත්වය පරාජය වෙමින් තරගාවලිය නිමා කරනවා.  

ඊයේ පැවැති තරග අතුරින් A කාණ්ඩයෙන් පැවැති නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ දී නවසීලන්තය ජයග්‍රහණය කළ ද ප්‍රසාද ලකුණු පුවරුවේ වෙනසක් කිරීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ.  

ඒ අනුව එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව (දළ ලකුණු 2.786) පළමු ස්ථානයේ ද ඊට පසුව ඉන්දියාව (0.576), නවසීලන්තය (0.282), පාකිස්තානය (-0.488) සහ ශ්‍රී ලංකාව (-2.173) පිළිවෙලින් ලැයිස්තු ගත වෙනවා.  

මේ අතර ඊයේ B කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ අතර එ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙනවා. මේ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු 6ක් ලබා ගන්නා අතර එතෙක් පළමු ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව්වෝ 2 වැනි ස්ථානය දක්වා පල්ලම් බහිනවා.  

ඒ අනුව සැකසුන B කාණ්ඩය දකුණු අප්‍රිකාව (දළ ලකුණු 1.382), බටහිර ඉන්දීය කොදෙව් (1.708), එංගලන්තය (0.653), බංග්ලාදේශය (-0.835) සහ ස්කොට්ලන්තය (-2.671) ලෙසින් පිළිවෙලින් සැකසෙනවා 

15 වැනි තරගය 

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. 

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව 
  • තරගයේ වීරයා – Ashleigh Gardner (ඔස්ට්‍රේලියාව) 

තරගයේ කෙටි ලකුණු පුවරුව  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 115 (20.0) චමරි අතපත්තු 35, හර්ෂිතා සමරවික්‍රම 18, Leigh Kasperek 2/127, Amelia Kerr 2/13 

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 118 (17.3) Georgia Plimmer 53, Amelia Kerr නොදැවී 34, චමරි අතපත්තු 1/08 

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

16 වැනි තරගය 

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය  Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. 

  • කාසියේ වාසිය – බංග්ලාදේශය 
  • තරගයේ වීරයා – Tazmin Brits (දකුණු අප්‍රිකාව) 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 106 (19.5) Shathi Rani 19, Sobhana Mostary 38, Nigar Sultana 32, Annerie Dercksen 1/07 

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 107 (17.2) Tazmin Brits 42, Anneke Bosch 25, Fahima Khatun 2/19 

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

මේ අතර අද (ඔක්තෝබර් 13 වැනිදා) දහවලේ දී B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන  එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයත්, A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගය රාත්‍රියේදීත් පැවැත්වීමට නියමිතයි.  

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<