ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් අගනුවර කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනුයි.
ඉන් නතර නොවන ඔවුන් එම තරගාවලියේ වීරයා සේ ම අවසන් මහා තරගයේ වීරයා සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වෙනවා. එම කුසලතා ද්විත්වය හිමි කර ගන්නේ අගනුවර කණ්ඩායමේ නායක චරිත් අසලංක යි.
මේ එම තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තැබෙන සටහනක්.
තරගාවලියේ වීරයා සහ අවසන් මහා තරගයේ වීරයා – චරිත් අසලංක (Colombo)
මෙවර තරගාවලියේ වීරයා සේ ම අවසන් මහා තරගයේ ද වීරයා ලෙසින් අභිශේක ලබන්නේ අගනුවර කණ්ඩායමේ නායක චරිත් අසලංක. ඔහු තරග 7ක ඉනිම් 7ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 504ක්.
මෙම ලකුණු අතර අවසන් මහා තරගයේ දී ලබා ගත් ද්විත්ව ශතකය ද වෙනවා. එය චරිත් අසලංක ගේ පළමු පෙළ එක්දින තරග 130ක හොඳම ඉනිම බවට ද පත් වුනා. එමෙන් ම ඔහු ඊට අමතර ව දඹුල්ලට සහ මහනුවර පිට පිට ලබා ගත් ශතක ද්විත්වයක් ද ඒ අතර වෙනවා.
එමෙන් ම මෙවර තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට ද චරිත් අසලංක පත් වෙනවා. ඔහු එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 29ක්. එමෙන් ම ඔහු මෙම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 38ක් ද එක් කරනවා.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – අහන් වික්‍රමසිංහ (Kandy)
මහනුවර කණ්ඩායම නියෝජනය කළ 23 හැවිරිදි වියේ පසුවෙන අහන් වික්‍රමසිංහ තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වෙන්නේ තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 272ක් ලබා ගනිමිනුයි. ඔහුගේ මෙම ලකුණු අතරට ගාල්ල කණ්ඩායමට සහ අගනුවර කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ශතක 2ක් ද ඇතුලත්.
ඔහුගේ මෙම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 90.66ක ඉහළ අගයක් රඳවා ගැනීමට ද සමත් වෙන අතර තරගාවලිය අවසන් වන විට පළමු පෙළ එක්දින තරග 47ක දී ලකුණු 1000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වෙනවා.
තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා බවට චරිත් අසලංක පත් වෙද්දී එහි 2 වැනි ස්ථානයට පත් වෙන්නේ යාපනය කණ්ඩායම නියෝජනය කළ 23 හැවිරිදි වියේ පසුවෙන මොහොමඩ් ශමාස්. ඔහු තරග 9ක ඉනිම් 8ක දී ලකුණු 300ක් ලබා ගන්නවා. එම ඉනිම් අතර දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 112ක් ද ඇතුලත් අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.
මෙම තරගය නිමා වන විට ඔහු පළමු පෙළ එක්දින තරග 54ක් ක්‍රීඩා කරමින් ලකුණු 1000 සපුරා ගැනීමට ද සමත් වෙනවා.
මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය මහනුවර කණ්ඩායමේ කවීන් බණ්ඩාර සතු කර ගන්නවා. ඔහු මෙවර තරගාවලියේ දී තරග 8ක ඉනිම් 8ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 287ක්. ඔහු ද මෙම තරගාවලිය අතරතුළ දී පළමු පෙළ එක්දින තරග පිටියේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට සමත් වෙනවා.
ගාල්ල කණ්ඩායම නියෝජනය කළ යශෝධ ලංකා මෙම ලැයිස්තුවේ සිව් වැනි අසුනට පත් වෙන්නේ තරග 8ක ඉනිම් 8ක දී ලබා ගන්නා ලද ලකුණු 286ත් සමඟයි. ඔහුගේ මෙම ලකුණු අතර මහනුවර කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 110ක් ද ඇති අතර ඊට අමතර ව අර්ධ ශතක 2ක් ද ඊට ඇතුලත්.
මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි කර ගන්නේ යාපනය කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත. ඔහු මෙවර තරගාවලියේ දී වැඩිම අර්ධ ශතකලාභියා වෙමින් තරග 9ක ඉනිම 9ක දී ලකුණු 280ක් ලබා ගන්නවා. ලබා ගත් අර්ධ ශතක ප්‍රමාණය 4ක්.
ඔවුන්ට අමතර ව තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතුරින් ශතක 2ක් සමඟින් ලකුණු 272ක් ලබා ගත් මහනුවර කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද සිටිනවා. ඊට අමතර ව ශතකලාභීන් අතරට අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු මධුශංක, සහන් ආරච්චිගේ, ලසිත් කෲස්පුල්ලේ, නිපුන් ධනංජය සහ සදීර සමරවික්‍රම ද එක් වෙනවා.
තරගාවලියේ වැඩිම දක්ෂතා දැක් වූ පළමු පිතිකරුවන් 5 දෙනා
Player | Team | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | |
1 | චරිත් අසලංක | Colombo | 7 | 7 | 1 | 504 | 206 | 84.00 | 3 | 0 |
2 | මොහොමඩ් ශමාස් | Jaffna | 9 | 8 | 2 | 300 | 112 | 50.00 | 1 | 1 |
3 | කවින් බණ්ඩාර | Kandy | 8 | 8 | 0 | 287 | 77 | 35.87 | 0 | 2 |
4 | යශෝධ ලංකා | Galle | 8 | 8 | 0 | 286 | 110 | 35.75 | 1 | 2 |
5 | රොන් චන්ද්‍රගුප්ත | Jaffna | 9 | 9 | 1 | 280 | 72 | 35.00 | 0 | 4 |
- කොදෙව්වන් සමඟ සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- චරිත් – අවිශ්ක NSL ශූරතාව අගනුවරට රැගෙන එයි
- Ace Capital යොවුන් ශූරතාව දිනා ගනී
- Tier B ශූරතාව Galle CC දිනා ගනී
- Tier B එක්දින ශූරතාවත් ගාලු ක්‍රිකට් සමාජයට
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මුදිත ලක්ෂාන් (Galle)
ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 23 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන මුදිත ලක්ෂාන් මෙවර තරගාවලියේ දී තරග 8කට සහභාගී වෙමින් කඩුලු 17ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙනවා. ඔහුගේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක් වුනේ 12.29ක්.
එම දක්ෂතාවත් සමඟින් ඔහු තම පළමු පෙළ එක්දින තරග දිවියේ තරග 56කට සහභාගී වෙමින් කඩුලු 75ක් දවා ගැනීමට සමත් වෙනවා.
මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ අගනුවර කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ලකුණු 14කට දවා ගන්නා ලද කඩුලු 4යි.
තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ
මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ කොළඹ කණ්ඩායම නියෝජනය කළ 24 හැවිරිදි වියේ පසුවෙන දිලුම් සුදීර. වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර මෙවර තරගාවලියේ දී තරග 9ක දී කඩුලු 20ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙන්නේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය 15.20ක් ලෙසින් පවත්වා ගනිමින්.
ඔහු මෙවර තරගාවලියේ දී තම පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී කඩඉමක් ද පසු කිරීමට සමත් වෙනවා. ඒ පළමු පෙළ එක්දින කඩුලු 100ක් දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට එක් වෙමිනුයි. ඔහු මේ වෙද්දී පළමු පෙළ එක්දින තරග 64කට මුහුණ දී ඇති අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 116ක්.
මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය මුදිත ලක්ෂාන්ට හිමි වෙද්දී කසුන් රාජිත, ඉසිත විජේසුන්දර සහ ප්‍රමෝද් මධුශාන් කඩුලු 12ක් බැගින් දවා ගනිමින් සම ස්ථානවලට පත් වෙනවා.
ඊට අමතර ව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ ලක්ෂාන් සඳකැන්. ඔහු තරග 8ක දී කඩුලු 11ක් දවා ගන්නා ලද අතර අනතුරු ව කොළඹ කණ්ඩායමේ කවිඳු නදීශාන්, මහනුවර කණ්ඩායමේ නිපුන් රන්සික, කොළඹ කණ්ඩායමේ දසුන් ශානක සහ ගාල්ල කණ්ඩායමේ අකිල ධනංජය කඩුලු 10ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මේ අතුරින් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ කොළඹ කණ්ඩායමේ කවිඳු නදීශාන්. ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.
තරගාවලියේ වැඩිම දක්ෂතා දැක් වූ පළමු පන්දු යවන්නන් 5 දෙනා
Player | Team | Mat | Over | Md | Runs | Wkts | Best | 4 | 5 | |
1 | දිලුම් සුදීර | Colombo | 9 | 71.0 | 3 | 304 | 20 | 3/25 | 0 | 0 |
2 | මුදිත ලක්ෂාන් | Galle | 8 | 63.4 | 4 | 209 | 17 | 4/19 | 2 | 0 |
3 | කසුන් රාජිත | Dambulla | 4 | 33.0 | 2 | 167 | 12 | 4/42 | 2 | 0 |
4 | ඉසිත විජේසුන්දර | Jaffna | 5 | 43.0 | 4 | 228 | 12 | 5/60 | 1 | 1 |
5 | ප්‍රමෝද් මධුශාන් | Colombo | 9 | 57.3 | 3 | 318 | 12 | 3/45 | 0 | 0 |
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<