ඔක්තෝබර් 09 වැනිදා

ICC Women's T20 World Cup

86
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 7 වැනි දිනය වූ ඔක්තෝබර් 09 වැනිදා නිමා වෙන්නේ මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කිහිපයක් ම එළිදැක්වෙමිනුයි.

එහි දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 3කට ලකුණු 172ක් ලබා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට වූවා. එමෙන් ම මෙම තරගයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 82කින් ජයග්‍රහණය කරන ලද අතර එය ද මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරගය බවට ද පත් වුනා.

ඒ අනුව ඉන්දියාව ඊයේ ලත් එම ජයග්‍රහණයත් සමඟින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ සිව් වැනියාගේ සිට 2 වැනියා දක්වා පිම්මක් පැනීමට ඔවුන් සමත් වෙනවා. ඒ ප්‍රසාද ලකුණු 4ක් ලෙසින් තම ගොඩ වැඩිකර ගනිමිනුයි.

එම කාණ්ඩයේ 1 වැනි අසුන තවදුටත් ඔස්ට්‍රේලියාව (2.524)ට හිමි වෙන අතර 2 වැනි ස්ථානයට ඉන්දියාව (0.576) පැමිණෙද්දී එහි 3 වැනි ස්ථානය පාකිස්තානය (0.555)ට ද, 4 වැනි ස්ථානය නවසීලන්තයට (-0.050) ද සහ අවසන් ස්ථානය තව දුරටත් ශ්‍රී ලංකාව (-2.564)ට ද හිමි වුනා.

පෙර දිනයේ B කාණ්ඩයෙන් තරග බිමට එක් ව ලැබූ ජයග්‍රහණයත් සමඟින් එතෙක් පළමු ස්ථානයේ රැදී සිටි එංගලන්තය 2 වැනි ස්ථානයට ඇද දමමින් දකුණු අප්‍රිකාව මෙම කාණ්ඩයේ පළමු වැනියා බවට පත් වුනා. ඔවුන් ලැබූ ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු 4ක් දක්වා පැමිණි අතර ලැබූ දළ ලකුණු ප්‍රමාණය 1.527ක්.

එතෙක් පළමු වැනියා වී සිටි එංගලන්තය ප්‍රසාද ලකුණු 4ක් (0.653) සමඟින් 2 වැනි ස්ථානය පත් අතර 2 වැනි ස්ථානයේ සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ (1.154) 3 වැනි ස්ථානය දක්වා පසු බැස්සා. අනෙක් කණ්ඩායම් අතුරින් පෙර පරිදි ම බංග්ලාදේශය (-0.125) සහ ස්කොට්ලන්තය (-0.189) සෙසු ස්ථානවලින් පිළිවෙලින් ලැයිස්තු ගත වූවා.

11 වැනි තරගය

දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව

o තරගයේ වීරයා – Marizanne Kapp (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී 166 (20.0) Laura Wolvaardt 40, Tazmin Brits 43, Marizanne Kapp 43, Sune Luus නොදැවී 18, Katherine Fraser 1/15

 

ස්කොට්ලන්තය – සියලුම දෙනා දැවී 86 (17.5) Katherine Fraser 14, Chloe Tryon 2/22, Nonkululeko Mlaba 3/12, Nadine de Klerk 2/15

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 80ක ජයක්.

12 වැනි තරගය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – ඉන්දියාව

o තරගයේ වීරයා – Harmanpreet Kaur (ඉන්දියාව)

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 173 (20.0) Shafali Verma 43, Smriti Mandhana 50, Harmanpreet Kaur නොදැවී 52, අමා කාංචනා 1/29

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 90 (19.5) කවීෂා දිල්හාරි 21, අනුශ්කා සංජීවනී 20, අමා කාංචනා 19, Renuka Singh 2/16, Arundhati Reddy 3/19, Asha Sobhana 3/19

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 83ක ජයක්.

මේ අතර අද (ඔක්තෝබර් 10 වැනිදා) දහවලේ දී B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<