ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (08) තවත් තරග 2ක් අවසන් වූවා.
එහි දී Tier B කාණ්ඩය නියෝජනය කරන කුරුණෑගල මලියදේව විද්‍යාලය සාම්ප්‍රදායික තරගයකට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟින් එක් වූ අතර එම තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.
එහි දී මලියදේව විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන දිමත් අබේසිංහ ලකුණු 85කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී ධර්මරාජ විද්‍යාලයේ වමත් පිතිකරු නිසල අබේරත්න පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මේ අතර කෑගල්ලේ දී පැවැති සාන්ත මේරිස් සහ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය අතර තරගය ද විසඳුමකින් තොරව අවසන් වූ අතර එහි දී සාන්ත මේරිස් විද්‍යාලයේ දිලුම් මාලිංග සහ චනුක සමුදිත අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දක්වද්දී, සංචාරක කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී සචින් ශෙහාන් දක්ෂතා දැක් වූවා.
- මොරටු විද්‍යාලයට කඩුලු 4ක ජයක්
- Engineers කණ්ඩායම Professional’s ක්‍රිකට් ශූරතාව දිනයි
- තීරණයක් සහිත තරග ද්විත්වයක් අවසන් වෙයි
- රයන් සහ උශේන් සෙබස්තියන් විද්‍යාලයට ශක්තිමත් අඩිතාලමක් සකසා දෙයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී.
මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (38.3) චන්දූප අබේසිංහ 36, දිමන්ත අරුශ 63, සදෙව් හේවාවිතාරණ 21, දිමත් අබේසිංහ 24, නිසල අබේරත්න 2/25, ලක්වින් අබේසිංහ 4/31, ඔනිජ සේසත් 2/18
ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 216 (72.4) කලිඳු අබේරත්න 22, ලක්වින් අබේසිංහ 43, හේෂාන් වර්ණකුලගේ 18, නිසල අබේරත්න 59, ඔමේෂ් ඒකනායක නොදැවී 38, දිමත් අබේසිංහ 6/85, තවීෂ බාලසූරිය 3/67
මලියදේව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 48 (11.0) තිවංක දිසානායක 16, හේෂාන් වර්ණකුලගේ 2/09
තරගයේ විසඳුමක් නෑ.
කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය අතර තරගය කෑගල්ලේ දී.
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (66.4) අංජන නිදූශ 31, මනුත් මල්සුක 43, සුදීර ආකාශ් 4/42, අශාන් උඩවත්ත 2/14, මතීෂ ශෙහාර 2/26
සාන්ත මරියා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (64.4) දිලුම් මාලිංග 91, චානුක සමුදිත 52, අර්ජුන් අභිශේක් 3/32, සචින් ශෙහාන් 5/28
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 41 (25.3) සත්සර හසංජන නොදැවී 15, අශාන් උඩවත්ත 1/02
තරගයේ විසඳුමක් නෑ.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.