වෙළඳ සේවා සත්සාමාජික රග්බි ශූරතාව ජෝන් කීල්ස් A කණ්ඩායමට

52nd Mercantile Rugby Sevens Tournament 2024

343
52nd Mercantile Rugby Sevens Tournament 2024

2024 වෙළඳ සේවා සත්සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ජෝන් කීල්ස් A කණ්ඩායම ඊයේ (28) සමත් වුනා.

52 වැනි වෙළඳ සේවා සත්සාමාජික රග්බි තරගාවලිය පසුගිය 27 සහ 28 දිනවල දී ක්‍රියාත්මක වුනා.

තරගාවලියේ පළමු දිනය නිමා වන විට පලිහ ශූරතාව සඳහා කණ්ඩායම් 8ක් ද, ශූරතාව වෙනුවෙන් කණ්ඩායම් 4ක් ද තේරී පත් වී තිබුණා.

ඒ අනුව තරගාවලියේ දෙවැනි දිනයේ දී මෙම ශූරතා තරග සමඟ තරගාවලිය නිමාවට පත් වීමට නියමිත වුනා.

දෙවැනි දිනයේ ආරම්භය පලිහ අර්ධ අවසන් පූර්ව තරග සමඟ ආරම්භ වුනා.

පලිහ අර්ධ අවසන් පූර්ව තරග

  • MAS A 41 – 07 Nations Trust Bank
  • Celyinco 17 – 14 Mercantile Investments
  • Moresand 29 – 05 Foresight
  • HNB 36 – 07 Commercial Credit

මින් අනතුරුව ශූරතාව සඳහා අවසන් මහා තරග ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ජෝන් කීල්ස් A කණ්ඩායම පහසු ජයග්‍රහණයක් වාර්තා කරනා අතරේ, CDB බැංකු කණ්ඩායම Pearl Beach කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් උරුම කර දීමට සමත් වුනා.

ශූරතා අවසන් පූර්ව තරග

  • JKH A 29 – 00 Sampath Bank
  • Pearl Beach 17 – 21 CDB

මින් පසුව ක්‍රියාත්මක වූ කාන්තා Tag රග්බි තරගයෙන් සම්පත් බැංකුවට එරෙහිව 01-00ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Citizen Development බැංකුව සමත් වුනා.

මින් අනතුරුව පලිහ අවසන් පූර්ව තරග යුගලය ක්‍රියාත්මක වුනා.

පලිහ අවසන් පූර්ව තරග

  • MAS A 17 – 19 Moresand
  • Celyinco 17 – 05 HNB

 

මෙම තරගවලින් අනතුරුව තරගාවලියේ ශූරතා බෙදා දීමේ තරග ආරම්භ වුනා.

බඳුන ශූරතාව

  • Brandix 28 – 10 JKH B

පලිහ ශූරතාව

  • Moresand 21 – 05 Celyinco

පළඟ ශූරතාව

  • Pearl Beach 39 – 12 Sampath Bank

ශූරතා සටන

තරගාවලිය පුරාවට විශිෂ්ට දක්ෂතා දක්වමින් අපරාජිත ගමන පැමිණි ජෝන් කීල්ස් A කණ්ඩායම විසින් CDB කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු අවසන් මහා තරගය ද ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

  • JKH A 27 – 00 CDB

දේශීය රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<