නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් පමණක් දැවෙමින් ලකුණු 306ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (26) උදෑසන ආරම්භ වූ මෙම තරගයේ ද කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සතු වුනා. ඔහු විසින් නැවතත් වරක් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වෙනස්කම් දෙකක් සමඟ පිවිසුණා.
මෙහි දී පළමු තරගයට ක්‍රීඩා කළ ලහිරු කුමාර වෙනුවට මිලාන් රත්නායක ද, රමේෂ් මෙන්ඩිස් වෙනුවට තම මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් නිශාන් පීරිස් ද කැඳවා තිබුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසුනත් ඔවුන් දෙදෙනා විසින් එක්ව ඉනිමට එක් කළේ ලකුණු දෙකක් පමණයි.
පැතුම් එක් ලකුණක් ලබා ගැනීමෙන් පසුව පිටියෙන් ඉවත් වී ගිය අතර, ඉන් පසුව දිනේෂ් චන්දිමාල් පිටියට පිවිසුණා. දිමුත් සහ දිනේෂ් දෙදෙනා විසින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී දිමුත්ගේ පිත්තෙන් ලකුණු 46ක් එක් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
දිමුත්ගෙන් පසුව කඩුල්ලට පිවිසුණු ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල් සමග තවත් ලකුණු 97ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී සිය 16 වැනි ටෙස්ට් ශතකය කරා ගිය චන්දිමාල් විසින් පන්දු 208ක් තුළ හතරේ පහර 15ක් ද සමඟ ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වුනා.
ඉනිමේ ලකුණු තත්වය 221ක් වන විට චන්දිමාල්ගේ ඉනිම නිමා වූ අතර, ඉන් පසුව මැතිව්ස් සමඟ කඩුල්ලේ එක් වූ කමිඳු මෙන්ඩිස් ඊයේ දිනය නිමා වන විට ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 85ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි මැතිව්ස් 78ක් ලබා ගන්නා අතරේ කමිඳු විසින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
තරගයේ දෙවැනි දිනය අද (27) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<