සුපුන් සහ යෙසිත් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් වෙයි

Major Club U23 Tournament

141
Major Club U23 Tournament 20th September

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (20) නිමා වූ තරගවල දී සුපුන් වඩුගේ සහ යෙසිත් රූපසිංහ දක්ෂතා දැක් විම කැපී පෙණුනා.

Chilaw Marians කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු සුපුන් වඩුගේ NCC කණ්ඩායමට එරෙහි ව ශතයක් වාර්තා කරීමට සමත් වුනා. ඔහු පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 141ක් ලබා ගන්නවා. මෙය ඔහුගේ මෙම තරගාවලියේ වාර්තා කළ 2 වැනි ශතකයයි.

පන්දු යැවීමේ දී Moors කණ්ඩායමේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන යෙසිත් රූපසිංහ ලකුණු 46කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරිමට සමත් වුනා.

මේ අතර Police කණ්ඩායමේ තරුෂ සිල්වා සහ හිරුෂ පෙරේරා, CCC කණ්ඩායමේ පවන් පතිරාජ සහ ඉනුක කරන්නාගොඩ, SSC කණ්ඩායමේ නිම්නක ජයතිලක, NCC කණ්ඩායමේ විහඟ ගුණරත්න, විනුක රූබසිංහ සහ රමිරු පෙරේරා, Chilaw Marians කණ්ඩායමේ අයෝන් ප්‍රනාන්දු, Candy Customs කණ්ඩායමේ තෙවිඳු දික්වැල්ල, සලිඳු පතිරණ සහ සෙනාශ් ප්‍රනාන්දු, Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (79.0) කිත්ම විදානපතිරණ සහ තරින්ද නිර්මාල් ගුරුගේ අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Police SC සහ Moors SC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.

 

Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 350 (67.0) ඔමේෂ් මෙන්ඩිස් 43, රවිශාන් ද සිල්වා 161, සෙනිත හැළඹගේ 22, යෙසිත් රූපසිංහ 40, හරිඳු ජයසේකර 26, දමිත් කප්පාගොඩ 2/110, මලිත හපුආරච්චි 3/21

 

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (51.5) තරුෂ සිල්වා 34, හිරුෂ පෙරේරා 54, මලිත හපුආරච්චි 21, නිකිල් වීරසේකර නොදැවී 26, හිවින් කෙනුල 2/25, යෙසිත් රූපසිංහ 2/30, සෙනිත හැළඹගේ 2/31, රොහාන් සංජය 3/73

 

Police SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 116 (32.4) තරුෂ සිල්වා 60, යෙසිත් රූපසිංහ 5/46, රොහාන් සංජය 2/43

 

Moors ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 40ක ජයක්.

Tamil Union C & AC සහ Ace Capital CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

 

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (51.5) ශනුක ගලගොඩ 32, තරිඳු හර්ෂණ 68, තෙවිඳු සේනාරත්න 33, මහිත් පෙරේරා 22, දසිස් මංචනායක 18, දනාල් හේමානන්ද 2/52, කවිඳු අමන්ත 3/59, සසංක නිර්මාල් 3/13

 

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 351 (69.5) හිරාන් ජයසුන්දර නොදැවී 89, තරිඳු අමරසිංහ 35, සකුණ ලියනගේ නොදැවී 22, මිරංග වික්‍රමගේ 2/45

 

Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 205 (53.0) ශනුක ගලගොඩ 40, තරිඳු හර්ෂමාන 23, මහිත පෙරේරා 22, ඉසිවර දිසානායක 37, විජයකාන්ත් වියස්කාන්ත් 44, කවිඳු අමන්ත 4/47, සසංක නිර්මාල් 3/27,

 

තරගයේ විසඳුමක් නෑ.

NCC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

 

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (52.3) කුසල් විජේතුංග 44, විහඟ ගුණරත්න 49, රමිරු පෙරේරා 29, ඩිල්ශාන් නිපුනජිත් 42, අමිත් සංදීප පෙරේරා 6/67

 

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 356 (74.5) අභිශේක් ලියනාරච්චි 27, සචින් සුරේෂ් 21, සුපුන් වඩුගේ 141, අයෝන් ප්‍රනාන්දු 98, චමොද් සඳරු 28, සම්පත් නිශ්ශංක 2/37, බ්‍රයන් හංසජ 4/89

 

NCC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 209 (47.0) විහඟ ගුණරත්න 60, විනුක රූබසිංහ 52, රමිරු පෙරේරා නොදැවී 54, අමිත පෙරේරා 3/71, උශාන් පෙරේරා 4/79

 

තරගයේ විසඳුමක් නෑ.

Nugegoda S & WC සහ Ragama CC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (38.3) දිනන් සෙනුක 20, පසිඳු පැතුම් 55, විශ්මික සංදීප් 35, ලකිඳු සචින් 3/31, චමත් ගෝමස් 2/27, කවීෂ දුලංජන 3/59, දසිත් ගුණතිලක 2/08

 

Ragama CC – පළමු ඉනිම කඩුලු සියලුම දෙනා දැවී 293 (53.0) ඉසුරු ප්‍රනාන්දු 23, චමත් ගෝමස් 78, දුලාජ් බණ්ඩාර 25, රුසඳ ගමගේ 50, උවිඳු පෙරේරා 69, දිනිත් කුමාරසිංහ 2/27, දිශාන් හෙට්ටිආරච්චි 2/34, අභිශේක් ආනන්දකුමාර 2/53

 

Nugegoda S & WC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 143 (39.4) ඩිනාන් සෙනුක 29, අභිශේක් ආනන්දකුමාර 21, පසිඳු පැතුම් 22, මනුජ චන්තුක 24, චමත් ගෝමස් 3/07, කවීශ දුලාංජන 2/24, දසිත් ගුණතිලක 3/53

 

Ragama ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 2ක ජයක්.

SSC සහ CCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

 

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (64.2) විනුශ්ක සිල්වා 57, දුල්නිත් සිගේරා 35, පවන් පතිරාජ 36, ඉනුක කරන්නාගොඩ 26, පවන් සංදේශ් 24, සඳුන් මෙන්ඩිස් 66, පෙසඳු වීරසිංහ 25, අනුක විජේවර්ධන නොදැවී 35, ශෙහාන් හසරංග 2/83, සදිශ රාජපක්ෂ 6/86

 

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (67.0) රිවිත් ජයසූරිය 36, නෙතුල එදිරිමාන්න 24, නිම්නක ජයතිලක 52, සදීශ රාජපක්ෂ 24, සසිඳු මල්ෂාන් 43, දුවිඳු තිලකරන්න 4/54, ඉනුක කරන්නාගොඩ 4/33

 

CCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 202 (42.1) විනුශ්ක සිල්වා 30, පවන් පතිරාජ 63, ඉනුක කරන්නාගොඩ 80, රනුද සෝමරත්න 3/39

 

තරගයේ විසඳුමක් නෑ

Candy Customs SC සහ Baduraliya CC අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

 

Baduraliya CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 371 (79.2) දිනෙත් වීරසිංහ 23, දුනිත් ජයතුංග 69, සඳුන් මෙන්ඩිස් 82, රනේෂ් සිල්වා 146, ශෝන් රොද්‍රිගෝ 2/27, ශක්ති උදාර 2/101

 

Candy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 421 (103.0) තෙවිඳු දික්වැල්ල 76, සදීශ ජයවර්ධන 33, සදිශාන් චමෝද්‍ය 42, තරුෂ ඩිල්ශාන් 46, සලිඳු පතිරණ 55, රවීන් ෆොන්සේකා 36, සෙනාශ් ප්‍රනාන්දු 63, හිරුෂ දෙව්මික 28, රුචිර කෝශිත 4/141, අශේන් දුලාර 2/49, රශ්මික මෙවන් 2/66

 

තරගයේ විසඳුමක් නෑ.

Panadura SC සහ Bloomfield C & AC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

 

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 327 (80.5) කංචන ද ලිවේරා 20, යශාන් අවිශ්ක 124, ලහිරු දෙවටගේ 96, නවිජ ද සේරම් 26, රංදේව් සෙනෙවිරත්න 28, මිහිරංග සිල්වා 4/30, තරිඳු ගුරුගේ 4/71

 

Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (79.0) කිත්ම විදානපතිරණ 90, අසිත වන්නිනායක 18, විශ්ව රාජපක්ෂ 22, තරින්ද නිර්මාල් ගුරුගේ 54, චමත් දිල්සර 33, තරූෂ් දමිඳු 3/56, විශ්ව කුමාර 3/89,

 

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<