රවිශාන්, රනේෂ් සහ යශාන් ශතක වාර්තා කරයි

Major Club U23 Tournament

137
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (19) ආරම්භ වූ තරගවල දී රවිශාන් ද සිල්වා, රනේෂ් සිල්වා සහ යශාන් අවිශ්ක ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Moors කණ්ඩායමේ 19 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ආරම්භක පිතිකරු රවිශාන් ද සිල්වා පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 161ක් ලබා ගත්තා.

එය රවිශාන් ද සිල්වා මෙවර තරගාවලියේ වාර්තා කරන ලද 2 වැනි ශතකය මෙන් ම  මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

Baduraliya කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් පිතිකරු නායක රනේෂ් සිල්වා පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 146ක් ලබා ගත්තා.

Panadura SC කණ්ඩායමේ 21 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු යශාන් අවිශ්ක පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තා.

මේ අතර Tamil Union කණ්ඩායමේ තරිඳු හර්ෂණ, Ace Capital කණ්ඩායමේ හිරාන් ජයසුන්දර, Chilaw Marians කණ්ඩායමේ සුපුන් වඩුගේ සහ අයෝන් ප්‍රනාන්දු, Ragama කණ්ඩායමේ චමත් ගෝමස්, රුසඳ ගමගේ සහ උවිඳු පෙරේරා, Nugegoda කණ්ඩායමේ පසිඳු පැතුම්, CCC කණ්ඩායමේ විනුශ්ක සිල්වා සහ සඳුන් මෙන්ඩිස්, Baduraliya කණ්ඩායමේ දුනිත් ජයතුංග සහ සඳුන් මෙන්ඩිස් සහ Panadura කණ්ඩායමේ  ලහිරු දෙවටගේ, Kurunegala Youth කණ්ඩායමේ අමේෂ් තෙන්නකෝන්, Negombo කණ්ඩායමේ නෙත්ම කරුණාරත්න සහ හංසජ හිරුණ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.

පන්දු යැවීමේ දී Chilaw Marians කණ්ඩායමේ අමිත් සංදීප පෙරේරා ලකුණු 67කට කඩුලු 6ක් ද සහ SSC කණ්ඩායමේ සදීශ රාජපක්ෂ ලකුණු 86කට කඩුලු 6ක් දවා ගත්තා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Police SC සහ Moors SC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.

Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 350 (67.0) ඔමේෂ් මෙන්ඩිස් 43, රවිශාන් ද සිල්වා 161, සෙනිත හැළඹගේ 22, යෙසිත් රූපසිංහ 40, හරිඳු ජයසේකර 26, දමිත් කප්පාගොඩ 2/110, මලිත හපුආරච්චි 3/21

Police SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 69 (14.0) තරුෂ සිල්වා 34, සෙනිත හැළඹගේ 1/07

Tamil Union C & AC සහ Ace Capital CC අතර තරගය කොළඹ, P. Sara Oval  ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (51.5) ශනුක ගලගොඩ 32, තරිඳු හර්ෂණ 68, තෙවිඳු සේනාරත්න 33, මහිත් පෙරේරා 22, දසිස් මංචනායක 18, දනාල් හේමානන්ද 2/52, කවිඳු අමන්ත 3/59, සසංක නිර්මාල් 3/13

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 175 (37.5) හිරාන් ජයසුන්දර නොදැවී 89, තරිඳු අමරසිංහ 35, සකුණ ලියනගේ නොදැවී 22, මිරංග වික්‍රමගේ 2/45

NCC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, NCC  ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (52.3) කුසල් විජේතුංග 44, විහඟ ගුණරත්න 49, රමිරු පෙරේරා 29, ඩිල්ශාන් නිපුනජිත් 42, අමිත් සංදීප පෙරේරා 6/67

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 155 (37.0) අභිශේක් ලියනාරච්චි 27, සචින් සුරේෂ් 21, සුපුන් වඩුගේ නොදැවී 52, අයෝන් ප්‍රනාන්දු නොදැවී 54

Nugegoda S & WC සහ Ragama CC අතර තරගය කොළඹ, Bloomfield  ක්‍රීඩාංගණයේ දී.

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (38.3) දිනන් සෙනුක 20, පසිඳු පැතුම් 55, විශ්මික සංදීප් 35, ලකිඳු සචින් 3/31, චමත් ගෝමස් 2/27, කවීෂ දුලංජන 3/59, දසිත් ගුණතිලක 2/08

Ragama CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 268 (47.5) ඉසුරු ප්‍රනාන්දු 23, චමත් ගෝමස් 78, දුලාජ් බණ්ඩාර 25, රුසඳ ගමගේ 50, උවිඳු පෙරේරා නොදැවී 57, දිශාන් හෙට්ටිආරච්චි 2/34, අභිශේක් ආනන්දකුමාර 2/53

SSC සහ CCC අතර තරගය කොළඹ, SSC  ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (64.2) විනුශ්ක සිල්වා 57, දුල්නිත් සිගේරා 35, පවන් පතිරාජ 36, ඉනුක කරන්නාගොඩ 26, පවන් සංදේශ් 24, සඳුන් මෙන්ඩිස් 66, පෙසඳු වීරසිංහ 25, අනුක විජේවර්ධන නොදැවී 35, ශෙහාන් හසරංග 2/83, සදිශ රාජපක්ෂ 6/86

SSC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 74 (23.0) රිවිත් ජයසූරිය 36, නෙතුල එදිරිමාන්න නොදැවී 24

Candy Customs SC සහ Baduraliya CC අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

Baduraliya CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 371 (79.2) දිනෙත් වීරසිංහ 23, දුනිත් ජයතුංග 69, සඳුන් මෙන්ඩිස් 82, රනේෂ් සිල්වා 146, ශෝන් රොද්‍රිගෝ 2/27, ශක්ති උදාර 2/101

Candy Customs SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 44 (8.0) තෙවිඳු දික්වැල්ල නොදැවී 34

Panadura SC සහ Bloomfield C & AC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 327 (80.5) කංචන ද ලිවේරා 20, යශාන් අවිශ්ක 124, ලහිරු දෙවටගේ 96, නවිජ ද සේරම් 26, රංදේව් සෙනෙවිරත්න 28, මිහිරංග සිල්වා 4/30, තරිඳු ගුරුගේ 4/71

Bloomfield C & AC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 22 (5.4) කිත්ම විදානපතිරණ නොදැවී 14

මෙම තරග හෙට (20) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද අවසන් වූ තරග

Kurunegala Youth CC සහ Negombo CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 301 (71.2) සත්සර ගමගේ 39, අමේෂ් තෙන්නකෝන් 98, සධීර වීරරත්න 37, දිමන්ත අරූශ 46, සසිත පල්ලියගුරු 35, දේශාන් සෙනෙවිරත්න නොදැවී 19, ප්‍රියශාන් සිල්වා 2/70, සජිත විතානගේ 3/50

Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 113 (43.0) මලීෂ සිල්වා 25, සඳරුවන් චින්තක 19, ප්‍රියශාන් සිල්වා 22, දේශාන් සෙනෙවිරත්න 4/40, දිනුක තෙන්නකෝන් 4/40

Negombo CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 237 (59.0) කවීන් ප්‍රනාන්දු 48, නෙත්ම කරුණාරත්න 73, හංසජ හිරුණ 51, දිමුත් සඳරුවන් 45, දේශාන් සෙනෙවිරත්න 3/35, දිනුක තෙන්නකෝන් 2/67

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<