23න් පහළ තරගාවලියේ තවත් උණුසුම් දිනයක් අවසන්

Major Club U23 Tournament

4
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් අද (10) අවසන් වූවා.

එහි දී  Ace Capital කණ්ඩායමේ රවීන් ද සිල්වා අර්ධ ශතක ඉනිමක් වාර්තා කරමින් පිතිකරුවන් අතුරින් දක්ෂතා දැක් වූ අතර පන්දු යැවීමේ දී Kandy Customs කණ්ඩායමේ ශක්ති උදාර ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

අද අවසන් වූ තරගවලට වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර සියලු තරග විසඳුමකින් තොරව අවසන් වූවා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Bloomfield C & AC සහ Nugegoda S & WC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (44.0) අවිශ්ක පෙරේරා 46, අභිශේක් ආනන්දකුමාර 30, රාහුල් ගුණසේකර 18, මනුජ චන්තුක 28, ට්‍රෙවීන් මැතිව් 2/20, මිහිරංග සිල්වා 2/27, කවීශ පියුමාල් 4/53

 

Bloomfield C & AC – පළමු ඉනිම කඩුල්ලක් දැවී69 (12.1) හසිත අමරසිංහ නොදැවී 38, කිත්ම විදානපතිරණ 23, මියුරු හේශාන් 1/10

 

තරගයේ විසඳුමක් නෑ.

Chilaw Marians CC සහ Ace Capital CC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

 

Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (88.5) අභිශේක් ලියනාරච්චි 18, සුපුන් වඩුගේ 25, චමොද් සඳරු 64, ජනෙත් කෞෂාල් 59, කවිඳු නිර්මාණ නොදැවී 104, අමිත පෙරේරා 18, දනාල් හේමානන්ද 2/38, කවිඳු අමන්ත 3/66, සිනෙත් දිසානායක 3/80, රවීන් ද සිල්වා 2/66

 

Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (54.0) තරිඳු අමරසිංහ 44, කවිඳු අමන්ත 34, තීරක රණතුංග 19, රවීන් ද සිල්වා 60, දනාල් හේමානන්ද 36, අමිත පෙරේරා 3/58, තිමිර ඉරුශික 2/62, චමෝද් සඳරු 3/50

 

Chilaw Marians CC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 150 (36.0) අභිශේක් ලියනාරච්චි 26, අශේන් රොද්‍රිගෝ 28, ජනෙත් කෞෂාල් නොදැවී 44, දනාල් හේමානන්ද 2/26, සිනෙත් දිසානායක 3/57, රවීන් ද සිල්වා 3/44

 

තරගයේ විසඳුමක් නෑ.

CCC සහ Kandy Customs CC අතර තරගය NCC ක්‍රීඩාංගණයේ දී.

 

Kandy Customs CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 386 (88.2) සදීශ් ජයවර්ධන 147, තෙවිඳු දික්වැල්ල 46, සදීශාන් චමෝද්‍ය 33, සලිඳු පතිරණ නොදැවී 66, දුවිඳු රණතුංග 2/31

 

CCC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 113 (32.2) විනුශ්ක සිල්වා 23, දුල්නිත් සිගේරා 38, සඳුන් මෙන්ඩිස් නොදැවී 29, ශක්ති උදාර 4/26

 

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<