Zim Afro T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙක්

Zim Afro T10 League 2024

78
Zim Afro T10 League 2024

සිම්බාබ්වේ දේශයේ දී පැවැත්වීමට නියමිත 2024 Zim Afro T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 13 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

එළඹෙන සැප්තැම්බර් මස 21 සිට 29 වැනි දා දක්වා හරාරේ හිදි පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ Bolts Harare කණ්ඩායම නියෝජනය කිරීමට හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක හට අවස්ථාව හිමි වී ඇති අතර, වත්මන්  සීමිත පන්දුවාර නායක චරිත් අසලංක Bangla Tigers සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ප්‍රවීණ ක්‍රීඩක තිසර පෙරේරා New York Strikers කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.

මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්;

  • Cape Town Samp Army – සිනෙත් ජයවර්ධන
  • Bolts Harare – දසුන් ශානක, ජනිශ්ක පෙරේරා
  • Bangla Tigers – කුසල් පෙරේරා, චරිත් අසලංක, කෙවින් කොත්තිගොඩ
  • Durban Wolves – රවීන් ද සිල්වා
  • Bulawayo Bravo Jaguars – අකිල ධනංජය, විහස් තෙව්මික
  • New York Strikers – අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු, කවීශ් තත්සර

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<