Omega Line සහ Hirdaramani සුපර් ලීග් ශූරයන් වේ

Mercantile Volleyball Championship 2024

144
Mercantile Volleyball Championship 2024

වෙළඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කළ වෙළඳ සේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් තරගාවලියේ ශූරයන් ලෙසින් Omega Line කණ්ඩායමත් සහ ශූරියන් ලෙසින් Hirdaramani Apparels කණ්ඩායමත් අභිශේක ලැබුවා.

කාන්තා සහ පිරිමි A කාණ්ඩයේ තරගාවලිය, කාන්තා සහ පිරිමි Masters තරගාවලිය සහ කාන්තා සහ පිරිමි සුපර් ලීග් තරගාවලිය ලෙසින් අදියර 4කින් පැවැති මෙම තරග මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැතියා.

මෙම තරගාවලියේ ඉසව් 6න් 4ක ම අවසන් මහා තරගය සඳහා Maliban කණ්ඩායම සුදුසුකම් ලබා තිබීම කැපී පෙණුණ අතර ඔවුන් A කාණ්ඩයේ පිරිමි ශූරතාව සහ Masters කණ්ඩායම් ශූරතාව දිනා ගත්තා.

ඊට අමතර ව කාන්තා A කාණ්ඩයේ ශූරතාව මාවතගම MAS Casualline කණ්ඩායම විසින් ද, පිරිමි ශූරතාවලිය  බලංගොඩ MAS ක්‍රීඩා  කණ්ඩායම විසින් ද දිනා ගත්තා.

සුපර් ලීග් අවසන් මහා තරගවල දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් Omega Line කණ්ඩායමේ කේ. පබසර ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් Hirdaramani Apparels කණ්ඩායමේ දිලුක්ෂි හර්ශානි සෙනෙවිරත්න ද සම්මාන දිනා ගත්තා.

තරග ප්‍රතිඵල

කාන්තා A කාණ්ඩය

මාවතගම MAS Casualline කණ්ඩායම විසින් තරග වට 2-0ක් ලෙසින් අවිස්සාවේල්ල Brandix Apparel කණ්ඩායම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 25/17 සහ 25/16

තෙවැනි ස්ථානය – Omega Line

  • තරගයේ දක්ෂතම ප්‍රහාරකයා – රේණුක නිල්මිණි (MAS Casualline- මාවතගම)
  • තරගයේ දක්ෂතම පිටියට සකසන්නා – චාන්දනී රාජපක්ෂ (MAS Casualline- මාවතගම)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙත්මි දනංජනී (MAS Casualline- මාවතගම)

පිරිමි A කාණ්ඩය

Maliban කණ්ඩායම විසින් තරග වට 2-1ක් ලෙසින් Teejay Lanka කණ්ඩායම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 26/24, 23/25 සහ 25/18

තෙවැනි ස්ථානය – Aburnet Lanka

  • තරගයේ දක්ෂතම ප්‍රහාරකයා – අචින්ත කාරියවසම්(Teejay Lanka)
  • තරගයේ දක්ෂතම පිටියට සකසන්නා – මිලින්ද ප්‍රනාන්දු(Maliban)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩකයා- අමේෂ් නිරෝෂන් අල්විස්(Maliban)

Masters 

Maliban කණ්ඩායම විසින් තරග වට 2-0ක් ලෙසින් Aburnet Lanka කණ්ඩායම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 30/28 සහ 25/11

තෙවැනි ස්ථානය – Airport & Aviation Services Sri Lanka

  • තරගයේ දක්ෂතම ප්‍රහාරකයා – සමීර දිසානායක(Maliban)
  • තරගයේ දක්ෂතම පිටියට සකසන්නා – ජගත් ප්‍රසන්න(Maliban)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – මොහාන් සංජීව(Maliban)

පිරිමි ශූරතාවලිය

බලංගොඩ MAS ක්‍රීඩා  කණ්ඩායම විසින් තරග වට 3-0ක් ලෙසින් Aburnet Lanka කණ්ඩායම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 25/17, 25/16 සහ 25/20

තෙවැනි ස්ථානය – Lanka Wall Tiles

  • තරගයේ දක්ෂතම ප්‍රහාරකයා – ලහිරු පත්මාල්(MAS ක්‍රීඩා – බලංගොඩ)
  • තරගයේ දක්ෂතම පිටියට සකසන්නා – කුමුදු තරංග(MAS ක්‍රීඩා – බලංගොඩ)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – තාරුක සුබෝධන(MAS ක්‍රීඩා – බලංගොඩ)

සුපර් ලීග් කාන්තා

Hirdaramani Apparels කණ්ඩායම විසින් තරග වට 3-0ක් ලෙසින් Maliban කණ්ඩායම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 25/18, 25/20 සහ 25/23

තෙවැනි ස්ථානය – MAS Casualline – මාවතගම

  • තරගයේ දක්ෂතම ප්‍රහාරකයා – නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන (Hirdaramani Apparels)
  • තරගයේ දක්ෂතම පිටියට සකසන්නා – සුනේත්‍රා ප්‍රියදර්ශනී විජේසිංහ (MAS ක්‍රීඩා – බලංගොඩ)
  • තරගයේ දක්ෂතම පන්දු වලක්වන්නා – චම්පා කේ. රත්නායක (Maliban)
  • තරගයේ දක්ෂතම පන්දු භාරගන්නා – අනුශා සඳමාලි (Maliban)
  • තරගයේ දක්ෂතම පන්දු පිරිනමන්නා – දිලුක්ෂි හර්ෂනී සෙනෙවිරත්න (Hirdaramani Apparels)
  • තරගයේ දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා – පියුමි ලක්මාලි දසනායක (Hirdaramani Apparels)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව- දිලුක්ෂි හර්ෂනී සෙනෙවිරත්න (Hirdaramani Apparels)

සුපර් ලීග් පිරිමි 

Omega Line කණ්ඩායම විසින් තරග වට 3-1ක් ලෙසින් Maliban කණ්ඩායම පරාජය කරන ලදි.

ලකුණු සටහන: 26/24, 22/25, 25/12 සහ 25/22

තෙවැනි ස්ථානය – MAS Slim Line

  • තරගයේ දක්ෂතම ප්‍රහාරකයා – පී. ටී. ද සිල්වා(Omega Line)
  • තරගයේ දක්ෂතම පිටියට සකසන්නා – මලීශ රවිශාන්(Omega Line)
  • තරගයේ දක්ෂතම පන්දු වලක්වන්නා – කේ. එස්. එම්. පෙරේරා(Omega Line)
  • තරගයේ දක්ෂතම පන්දු භාරගන්නා – අශේන් සමීර පෙරේරා(Omega Line)
  • තරගයේ දක්ෂතම පන්දු පිරිනමන්නා – එල්. ඒ. ඩී. සංදීප(Maliban)
  • තරගයේ දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා – ජේ. ඩබ්ලිව්. එම්. සංතුශ්(Maliban)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩකයා- ඒ. කේ. පබසර(Omega Line)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<