Home Sinhala කමිඳු – ධනංජය යුගලය ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා දෙයි

කමිඳු – ධනංජය යුගලය ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා දෙයි

11
Sri Lanka tour of England 2024

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 114ක් පිටුපසින් පසු වුනා.

තරගයේ පළමු දිනය නිමා වන විට තම පළමු ඉනිම දියත් කරමින් සිටි එංගලන්තය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක Ollie Pope සහ Harry Brook දෙදෙනා විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර , මිලාන් රත්නායක විසින් ලකුණු 19ක් ලබා සිටි Brookගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණා.

මින් පසුව එංගලන්තයට නැවත තරගයට අවතීර්ණ වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉතිරි එංගලන්ත කඩුලු හයම තවත් ලකුණු 64ක් තුළ බිඳ දැමීමට සමත් වුනේ එංගලන්තයේ විශාල පළමු ඉනිමේ සිහිනය බිඳ දමමිනුයි.

කෙසේ වෙතත් මෙහි දී එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Pope විසින් පන්දු 156ක් පමණක් වැය කරමින් ලකුණු 154ක් ලබාගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3ක් බිඳ හෙළනා අතරේ, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

එංගලන්ත පළමු ඉනිමට පිළිතුරු සැපයීම සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 34කට සීමා වුනේ දිමුත් ලකුණු 09කට දැවී යාමත් සමඟයි.

දිමුත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද එතරම් සාර්ථක වීමට ඉඩක් ලබා නොදුන් එංගලන්ත පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 93ක් තුළ බිඳ දැමීමට සමත් වුනා.

මෙහි දී පැතුම් නිස්සංක පන්දු 51ක් තුළ වේගවත් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 09ක් ද සමඟිනුයි.

කෙසේ වෙතත් ඉනිමේ කඩුලු 5ක් දැවීයාමෙන් පසුව කඩුල්ලේ එක් වූ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ගරා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබා දීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් දෙවැනි දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 118ක නොදැවුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

දිනය නිමා වන විට ධනංජය පන්දු 106කට මුහුණ දෙමින් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, කමිඳු පන්දු 70ක් තුළ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 211/5 (45)

එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Olly Stone කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය අද (08) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Stumps


England
325/10 (69.1) & 156/10 (34)

Sri Lanka
263/10 (61.2) & 94/1 (15)

Batsmen R B 4s 6s SR
Ben Duckett c Dinesh Chandimal b Milan Rathnayake 86 79 9 2 108.86
Dan Lawrence c Pathum Nissanka b Lahiru Kumara 5 21 0 0 23.81
Ollie Pope c Dimuth Karunaratne b Vishwa Fernando 154 156 19 2 98.72
Joe Root c Vishwa Fernando b Lahiru Kumara 13 48 1 0 27.08
Harry Brook c Kusal Mendis b Milan Rathnayake 19 39 1 0 48.72
Jamie Smith c Kusal Mendis b Vishwa Fernando 16 31 2 0 51.61
Chris Woakes c Milan Rathnayake b Dhananjaya de Silva 2 4 0 0 50.00
Gus Atkinson c Milan Rathnayake b Dhananjaya de Silva 5 12 0 0 41.67
Olly Stone not out 15 12 1 1 125.00
Josh Hul c Dhananjaya de Silva b Asitha Fernando 2 10 0 0 20.00
Shoaib Bashir c Lahiru Kumara b Milan Rathnayake 1 3 0 0 33.33


Extras 7 (b 4 , lb 2 , nb 0, w 1, pen 0)
Total 325/10 (69.1 Overs, RR: 4.7)
Bowling O M R W Econ
Asitha Fernando 20 0 88 1 4.40
Vishwa Fernando 13 0 46 2 3.54
Lahiru Kumara 16 1 97 2 6.06
Milan Rathnayake 13.1 2 56 2 4.27
Angelo Mathews 3 0 14 0 4.67
Dhananjaya de Silva 4 0 18 2 4.50
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Chris Woakes b Josh Hull 64 51 9 0 125.49
Dimuth Karunaratne run out (Olly Stone) 9 16 1 0 56.25
Kusal Mendis c Harry Brook b Chris Woakes 14 13 3 0 107.69
Angelo Mathews c Ollie Pope b Olly Stone 3 11 0 0 27.27
Dinesh Chandimal lbw b Olly Stone 0 4 0 0 0.00
Dhananjaya de Silva c Shoaib Bashir b Josh Hull 69 111 11 0 62.16
Kamindu Mendis c Joe Root b Chris Woakes 64 91 7 0 70.33
Milan Rathnayake c Jamie Smith b Olly Stone 7 21 1 0 33.33
Vishwa Fernando lbw b Josh Hull 0 8 0 0 0.00
Lahiru Kumara not out 5 29 0 0 17.24
Asitha Fernando c Jamie Smith b Shoaib Bashir 11 14 2 0 78.57


Extras 17 (b 8 , lb 2 , nb 1, w 6, pen 0)
Total 263/10 (61.2 Overs, RR: 4.29)
Bowling O M R W Econ
Chris Woakes 13 0 42 2 3.23
Gus Atkinson 9 0 46 0 5.11
Josh Hull 11 0 53 3 4.82
Olly Stone 9 0 35 3 3.89
Shoaib Bashir 11.2 0 37 1 3.30
Dan Lawrence 6 0 29 0 4.83
Joe Root 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Ben Duckett c Vishwa Fernando b Asitha Fernando 7 8 1 0 87.50
Dan Lawrence c Dinesh Chandimal b Lahiru Kumara 35 35 3 1 100.00
Ollie Pope b Lahiru Kumara 7 16 1 0 43.75
Joe Root lbw b Vishwa Fernando 12 18 2 0 66.67
Harry Brook lbw b Vishwa Fernando 3 14 0 0 21.43
Jamie Smith c Kusal Mendis b Vishwa Fernando 67 50 10 0 134.00
Chris Woakes c Dinesh Chandimal b Lahiru Kumara 0 6 0 0 0.00
Gus Atkinson lbw b Milan Rathnayake 1 14 0 0 7.14
Olly Stone c Nishan Madushka b Lahiru Kumara 10 31 1 0 32.26
Josh Hull not out 7 6 0 1 116.67
Shoaib Bashir c Nishan Madushka b Asitha Fernando 4 6 1 0 66.67


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 156/10 (34 Overs, RR: 4.59)
Bowling O M R W Econ
Asitha Fernando 12 2 49 2 4.08
Milan Rathnayake 7 0 43 1 6.14
Lahiru Kumara 7 1 21 4 3.00
Vishwa Fernando 8 1 40 3 5.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 53 44 0 0 120.45
Dimuth Karunaratne c & b Chris Woakes 8 21 0 0 38.10
Kusal Mendis not out 30 25 0 0 120.00


Extras 3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total 94/1 (15 Overs, RR: 6.27)
Bowling O M R W Econ
Chris Woakes 6 0 32 1 5.33
Gus Atkinson 4 0 24 0 6.00
Josh Hull 3 0 23 0 7.67
Olly Stone 1 0 5 0 5.00
Shoaib Bashir 1 0 7 0 7.00