තිමිර කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරයි

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (06) දවසේ ද පැවැති අතර එහි දී  Chilaw Marians කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන ඉරුශ්ක තිමිර කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළා.

Moors කණ්ඩායම හා පැවැති තරගයේ 15 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යෙසිත රූපසිංහ ද, 6 වැනි පන්දුවේ දී විශාර ප්‍රනාන්දු ද සහ 17 වැනි පන්දු වාරයේ පළමු පන්දුවේ දී   රවිශාන් ද සිල්වා ද දවා ගනිමින් ඔහු මෙම ත්‍රිත්ව ශතකය වාර්තා කළා.

මේ අතර අද Moors කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන රොහාන් සංජය දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ලකුණු 113කට කඩුලු 7ක් දවා ගත්තා.

ඊට අමතර ව පන්දු යවන්නන් අතුරින් Colts කණ්ඩායමේ ගිත්මින් කොළඹගේ කඩුලු 5ක් දවා ගත් අතර CCC කණ්ඩායමේ අනුක විජේවර්ධන සහ Bloomfield කණ්ඩායමේ අසිත වන්නිනායක කඩුලු 4ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර අද පැවැති තරගවල දී Chilaw Marians කණ්ඩායමේ අශේන් රොද්‍රිගෝ සහ කවිඳු නිර්මාණ ද, Moors කණ්ඩායමේ තරිඳු දිලංක ද සහ Bloomfield කණ්ඩායමේ කවීශ පියුමාල් ද අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ Chilaw Marians CC අතර තරගය මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 400 (103.3) අභිශේක් ලියනාරච්චි 27, සුපුන් වඩුගේ 108, අයෝන් ප්‍රනාන්දු 79, අශේන් රොද්‍රිගෝ 64, කවිඳු නිර්මාන 59, රොහාන් සංජය 7/113

Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 213 (79.0) හරිඳු ජයසේකර 21, තරිඳු දිලංක 57, චාමික හීනටිගල 31, හිවින් කෙනුල නොදැවී 33, පසිඳු විමංස නොදැවී 13, ඉරුශ්ක තිමිර 4/89, අමිත පෙරේරා 2/39

තරගයේ විසඳුමක් නෑ.

Panadura SC සහ CCC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (81.1) දුල්නිත් සිගේරා 42, පෙසඳු වීරසිංහ 22, පවන් සංදේශ් 74, සඳුන් මෙන්ඩිස් 22, ඉනුක කරන්නාගොඩ 30, අනුක විජේවර්ධන 42, දෙවිඳු කැකිරිදෙනියනොදැවී 28, දුවිඳු රණතුංග 23, යශාන් අවිශ්ක 2/25, නවිජ ද සේරම් 3/90, මෙවිඳු කුමාරසිරි 2/81

Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (33.1) දුරක සිල්වා 17, කවිඳු වික්‍රමසිංහ 36, අනුක විජේවර්ධන 3/44, දෙවිඳු කැකිරිදෙණිය 3/18, සිතුම් සත්සිඳු 2/14

Panadura SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 98 (32.0) කංචන ද ලිවේරා 38, අනුක විජේවර්ධන 4/45

තරගයේ විසඳුමක් නෑ.

අද ආරම්භ වූ තරග

Colts CC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

Bloomfield C & AC – පළමු පෙළ සියලුම දෙනා දැවී 182 (59.4) අසිත වන්නිනායක 26, චමත් දිල්සර 26, කවීශ පියුමාල් 65, අනුරාධ රණසිංහ 3/15, ගිත්මින් කොළඹගේ 5/54

Colts CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 71 (30.0) සුඛිත මනෝජ් 19, හිරුණ ගාල්ලගේ 30, ට්‍රෙවින් මැතිව්ස් 3/23, අසිත වන්නිනායක 4/21

මෙම තරගය හෙට (07) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<