කාම්බෝජ – ශ්‍රී ලංකා පළමු ගැටුම ජය පැරදුමෙන් තොරයි

AFC Qualifiers 2024

3
AFC Qualifiers 2024

AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියේ, ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පැවැත්වුණු තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (05) අවසන් වුනා.

මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණු අතර, තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 205 වැනි ස්ථානයේ රැඳුණු අතර, කාම්බෝජය 180 වැනි ස්ථානයේ රැඳුණා.

මෙම තරගයේ සමස්ත කාලය පුරාවටම දෙපිළෙන් ම එකඳු ගෝලයක් හෝ වාර්තා නොවුණු අතර, මේ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගයේ (2nd Leg) තීරණය අනුව සමස්ත ජයග්‍රහණය පිළිබඳ තීරණය කෙරෙනු ඇති.

දෙවැනි තරගය එළඹෙන 10 වැනි දා කාම්බෝජයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>