ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සමඟින් තෙවැනි ටෙස්ට් තරගයට

Sri Lanka Tour of England 2024

4
Sri Lanka Tour of England 2024

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) ප්‍රකාශයට පත් කළා.

තරගාවලියේ දෙවැනි තරගය සඳහා ක්‍රීඩා කළ නිශාන් මදුශ්ක සහ ප්‍රභාත් ජයසූරිය මෙම කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු නැවතත් සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම:

දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර

තරගය අද (06) සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට්  තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<