එයාර් බැඩ්මින්ටන් වැඩමුළු 50k සාර්ථකව පැවැත්වෙයි

5
Air Badminton workshop

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මගින් සංවිධාන කළ එයාර් බැඩ්මින්ටන් වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල හා රත්තොට අධ්‍යාපන කොට්ඨාස කේන්ද්‍ර කරමින් පසුගියදා පැවැත්.

උකුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව උකුවෙල මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැති අතර රත්තොට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එම පුහුණුව අවසන් වීමෙන් පසු අදාල  පාසල් 50 සඳහා බැඩ්මින්ටන් උපකරණ ලබාදීම ද සිදු කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සාමාජිකයන් වන  පාලිත හෙට්ටිආරච්චි හා  ඉන්දික උපේන්ද්‍ර මහත්වරු සමඟ  සම්බන්ධිකාරක තිළිණ ධනසිංහ මහතා සහභාගි වුණා.

මෙම වැඩමුළුව සඳහා පුහුණුකරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ විනිසුරු බණ්ඩාර සමරකෝන්  මහතා කටයුතු කළ අතර, එම වැඩමුළු සඳහා  මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රෝහණ දිසානායක අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්, මාතලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සම්බන්ධීකරණ නිලධාරී දයාන් දිසානායක මහතා ද සහභාගි වුණා.

ඉදිරියේදී එම පාසල් 50 තුළම පුහුණුවීම් ආරම්භ කර එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු අදාළ පාසල්වල එයාර් බැඩ්මින්ටන් තරගාවලියක් පවත්වා දක්ෂතම ක්‍රීඩකයන් දිස්ත්‍රික්ක සංචිතයට ඇතුළත් කරගැනීම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අදහස වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<