ක්‍රිකට් පොඩ්ඩන්ගේ වික්‍රමාන්විත මෙහෙයුම

U 17 Sri Lanka Youth League Tournament 2024

5

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වෙන්නේ Colombo South කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින්.  

තරග 13කින් සමන්විත වූ මෙම තරගාවලියට කණ්ඩායම් 5ක් එක් වූ අතර සියලු තරග අනුරාධපුර සමාධි සහ සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණවලදී පැවැතියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කොළඹින් පිටත මෙවන් තරගාවලියක් සංවිධානය කළ පළමු අවස්ථාව මෙයයි.   

තරගාවලියේ ගමන් මඟ 

  Team 1  Team 2  Results  Ground 
1  Colombo South  Colombo North  Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්.   සමාධි 
2  Kandy  Galle  තරගයේ විසඳුමක් නෑ.   සාලියපුර 
3  Colombo North  Kandy  Colombo North කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයක්.   සමාධි 
4  Colombo South  Dambulla  Dambulla කණ්ඩායමට කඩුලු 3ක ජයක්.   සාලියපුර 
5  Kandy  Colombo South  Colombo South කණ්ඩායමට කඩුලු 3ක ජයක්.   සාලියපුර 
6  Galle  Dambulla  Galle කණ්ඩායමට කඩුලු 5ක ජයක්.   සමාධි 
7  Kandy  Dambulla  Kandy කණ්ඩායමට ලකුණු 25ක ජයක්.  සමාධි 
8  Galle  Colombo North  Galle කණ්ඩායමට ලකුණු 145ක ජයක්.   සාලියපුර 
9  Colombo South  Galle  Colombo South කණ්ඩායමට කඩුලු 3ක ජයක්.   සමාධි 
10  Colombo North  Dambulla  Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්.   සාලියපුර 
අවසන් පූර්ව තරගය 
11  Kandy  Colombo North  Kandy කණ්ඩායමට කඩුලු 3ක ජයක්.   සාලියපුර 
12  Galle  Colombo South  Colombo South කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  සමාධි 
අවසාන මහා තරගය 
13  Colombo South  Kandy  Colombo South කණ්ඩායමට කඩුලු 6ක ජයක්.   සමාධි 

 

පිතිකරුවන්ගේ දක්ෂතා 

  • තරගාවලියේ වීරයා – කවීජ ගමගේ (Kandy)

නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින්  Kandy කණ්ඩායම හා එක් වූ කවිජ ගමගේ. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 311ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කී අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූවේ ද ඔහුයි.  

ඔහු විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු අතරට Galle කණ්ඩායමට සහ Dambulla කණ්ඩායම්වලට එරෙහි ව වාර්තා කරන ලද ශතක ද්විත්වයක් සහ Colombo North කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද ඇතුලත්.  

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – දුල්නිත් සිගේරා (Colombo North)

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතර 2 වැනි ස්ථානයට පත් Colombo North කණ්ඩායමේ දුල්නිත් සිගේරා තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගන්නවා.  

කොළඹ මහානාම විද්‍යාලයෙන් Colombo North කණ්ඩායම හා එක් වූ ඔහු මෙම තරගාවලියේ දී තරග 5කට එක් වෙමින් ලකුණු 256ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කිව්වා. ඔහුගේ ඉනිම් අතර Kandy කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ශතකයක් සහ  Colombo South කණ්ඩායමට සහ Galle කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද අර්ධ ශතක 2ක් ද ඇතුලත්.  

මේ අතර මෙම තරගාවලියේ දී ශතක 8ක් රැස් කිරීමට ක්‍රීඩකයෝ 7 දෙනෙක් සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව Kandy කණ්ඩායමේ කවිජ ගමගේ ශතක 2ක් රැස් කළ අතර ඊට අමතර ව Dambulla කණ්ඩායමේ නවෝද්‍ය සමරසිංහ, Dambulla කණ්ඩායමේ ජනිඳු රණසිංහ, Galle කණ්ඩායමේ විරාන් චමුදිත, Colombo North කණ්ඩායමේ දුල්නිත් සිගේරා, Colombo South කණ්ඩායමේ සුහස් ප්‍රනාන්දු සහ Kandy කණ්ඩායමේ දිමන්ත මහවිතාරණ එලෙස ශතක වාර්තා කළා. 

තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභියා වූයේ නවෝද්‍ය සමරසිංහ යි. ඔහු Kandy කණ්ඩායමට එරෙහි පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 121ක් ලබා ගනිමින් එම වාර්තාවට හිමිකම් කිව්වා.   

තරගාවලියේ වේගවත් ම ශතකය මෙන් ම අර්ධ ශතකය ද වාර්තා කිරීමේ වාර්තාව දුල්නිත් සිගේරා සතු වෙනවා. ඔහු ශතකය වාර්තා කිරීම පන්දු 58ක දී සිදු කළ අතර අර්ධ ශතකය පන්දු 20ක දී වාර්තා කළා.  

තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ ද දුල්නිත් සිගේරා යි. ඔහු හයේ පහර 17ක් ලබා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවා.   

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් 5 දෙනා 

  Player  Team  Mat  Inns  NO  Runs  HS  Ave  100  50  4s  6s 
1  කවිජ ගමගේ  Kandy  5  5  1  311  109  77.75  2  1  21  12 
2  දුල්නිත් සිගේරා  Colombo North  5  5  0  256  109  51.2  1  2  23  17 
3  විරාන් චමුදිත  Galle  5  4  1  225  117*  75.0  1  1  27  7 
4  ආදම් හිල්මි  Kandy  5  5  2  220  54*  73.33  0  2  14  7 
5  ජනිඳු රණසිංහ   Dambulla  4  4  0  191  119  47.75  1  1  20  1 

 

පන්දු යවන්නන්ගේ දක්ෂතා 

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මෙවන් දිසානායක (Colombo North)

තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වූයේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ මෙවන් දිසානායක.  

ඔහු තරග 5ක දී කඩුලු 8ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙමින් තරගාවලියේ දක්ෂත ම පන්දු යවන්නා බවට ද පත් වෙනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Dambulla කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට දවා ගත් කඩුලු 3යි.  

තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Colombo North කණ්ඩායමේ දිනෝෂ් ගමගේ. ඔහු Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 63කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවට එක් වුනා.  

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 5 දෙනා 

  Player  Team  Mat  Overs  Runs  Wkts  Best  Econ  4w  
1  මෙවන් දිසානායක  Colombo North  5  37.0  170  8  3/28  4.59  0 
2  රයන් ග්‍රෙගරි   Kandy  5  28.3  143  7  2/20  5.01  0 
3  කිත්ම විදානපතිරණ  Colombo North  5  34.1  141  7  4/21  4.12  1 
4  ගිම්හාන රසාංජන  Galle  5  35.0  157  7  2/15  4.48  0 
5  ලින්දුල නුවංග  Galle  5  32.0  180  7  3/53  5.62  0 

 

  • අවසන් මහා තරගයේ වීරයා – විමත් දින්සර (Colombo South)

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරමින් Colombo South කණ්ඩායමට එක් වූ විමත් දින්සර අවසන් මහා තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නේ එම තරගයේ දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා ගැනීමට පෑ දක්ෂතාවය හේතුවෙනුයි.  

ඔහු මෙම ලකුණු ප්‍රමාණය කරා යෑමේ දී රෙහාන් පීරිස් සමඟ එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 59ක සබඳතාවක් ද එක් කළා.  

පන්දු යැවීමේ දී ද ඔහු ලකුණු 11කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.  

Colombo South කණ්ඩායමේ නායකයා ද වූ ඔහු මෙම තරගාවලියේ දී තරග 6කට සහභාගී වෙමින් ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අවසන් මහා තරගයේ දී ලබා ගත් අර්ධ ශතකයට අමතර ව පළමු වටයේ දී Kandy කණ්ඩායමට එරෙහි ව පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 83ක් ද තිබෙනවා.  

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක් වූ සියලු ක්‍රීඩකයන්ට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<