ශරිත් සූදින ශතක සමාජයට

Major Club U23 Tournament

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පසුගියදා (31) අවසන් වූවා.  

නිමා වූ එම දවසේ දී  NCC කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශරිත් සුදීන BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.  

මේ අතර Negombo CC කණ්ඩායමේ සජිත විතානගේ සහ නෙත්ම කරුණාරත්න, Ragama CC කණ්ඩායමේ ගවිරු සෙන්හස් සහ Colts CC කණ්ඩායමේ ශෙරාන් ෆොන්සේකා අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.  

Negombo CC සහ Moors SC අතර තරගය මුත්තයියා පාර Moors ක්‍රීඩාංගණයේ දී. 

Moors SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 273 (68.1) ඔමේෂ් මෙන්ඩිස් 33, රවිශාන් ද සිල්වා 116, යෙසිත්රූපසිංහ 29, රොහාන් සංජය 49, විශාර ප්‍රනාන්දු 29, ප්‍රියාන් සිල්වා 2/103, කවීෂ සත්සර 3/72 

 

Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (70.0) කවීන් ප්‍රනාන්දු 35, සජිත විතානගේ 59, නෙත්ම කරුණාරත්න 79, සෙනිත හැළඹගේ 3/45, රොහාන් සංජය 2/43, චාමික හීනටිගල 3/73 

 

Moors SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 22 (6.3)  

තරගයේ විසඳුමක් නෑ. 

Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. 

 

Kurunegala Youth CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 33 (12.3) වතිල උදාර නොදැවී 15, සත්සර ගමගේ නොදැවී 15 

තරගයේ විසඳුමක් නෑ. 

NCC සහ BRC අතර තරගය කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී. 

BRC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 261 (81.2) රිශී අදිශ්ඨාන් 42, ඉසුරු පන්නල 34, රන්දුණු ගංගනාත් 71, ලක්වින් අබේසිංහ 35, නිසල අබේරත්න නොදැවී 21, යෙනුල දෙව්තුස 3/63, විහඟ ගුණවර්ධන 3/32, තරණ විමලධර්ම 2/46 

 

NCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 176 (32.0) ශරිත් සූදීන 100, කුසල් විජේතුංග 36, විනුක රූබසිංහ නොදැවී 29 

තරගයේ විසඳුමක් නෑ. 

Bloomfield C & AC සහ Ragama CC අතර තරගය කොළඹ 7, Bloomfield ක්‍රීඩාංගණයේ දී.  

 

Ragama CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 138 (35.0) ගවිරු සෙන්හස් 50, ඉසුරු ප්‍රනාන්දු 29, සහීල් ඩයස් 41, චමත් දිල්සර 2/16, කිත්ම විදානපතිරණ 2/19 

 

Bloomfield C & AC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 37 (9.0) හසිත අමරසිංහ 24 

තරගයේ විසඳුමක් නෑ.  

Colts CC සහ Baduraliya CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී. 

 

Baduraliya – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 219 (69.5) යුතික ද සිල්වා 38, රශ්මික මෙවන් 19, ශේන් විජේසිංහ 27,  නිර්මල රත්නායක 29, බී. එස්. එන්. කසුන් නොදැවී 43, සඳුන් මෙන්ඩිස් 25, යසිරු රොද්‍රිගෝ 3/57, අනුරාධ රණසිංහ 2/44, ක්‍රිශ්ණ ශ්‍රීරාම් 3/71 

 

Colts CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 125 (14.3) රවිඳු රශාන්ත 25, ශෙරාන් ෆොන්සේකා 57, සුකිත මනෝජ් නොදැවි 43, නිර්මල රත්නායක 2/36 

තරගයේ විසඳුමක් නෑ. 

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<