කාම්බෝජය සමඟ පාපන්දු ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

AFC Qualifiers 2024

2

AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරග ද්විත්වය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරා හට හිමි වී ඇති අතර, මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස Abdullah Almutairi විසින් කටයුතු කරනු ඇති. 

කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත තරග ද්විත්වයෙන් පළමු තරගය එළඹෙන 05 වැනි දා කොළඹ තුරග තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම තරගයට ප්‍රබල ක්‍රීඩක ඩිලෝන් ද සිල්වාගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. 

ආබාධයක් හේතුවෙන් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයක පවතින අතරම, තවත් ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ම සහභාගීත්වය සැක සහිත බවත් වාර්තා වනවා. 

කෙසේ වෙතත් මේ පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිල දැනුම් දීමක් සිදු කර නැහැ. 

ශ්‍රී ලංකා සංචිතය; 

 

Sujan Perera (නායක), Jack Hingert, Harsha Fernando, Claudio Matthias, Mohamed Aakib, Samuel Durrant, Mohamed Hasmeer, Shenal Sandesh, Mohamed Aman, Woranda Perera, Bharath Suresh, Anujan Rajendram, Waseem Razeek, Firaz Marshuk, Adhavan Rajamohan, Jude Supan, Oliver Kelaart, Mohamed Rifkhan, Sacay Steven, Kaveesh Fernando, Leon Perera, Mohamed Mursith, Wade Dekker, Thenuka Ranaweera, Jason Thayaparan 

මෙම තරගාවලියේ සියලු උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<