බංග්ලාදේශ කාන්තා A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි

Bangladesh Women's A Tour of Sri Lanka 2024

4

බංග්ලාදේශ කාන්තා A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එක්දින තරග දෙකකින් සහ විස්සයි විස්ස තරග පහකින් සමන්විත මෙම තරග සංචාරය එළඹෙන සැප්තැම්බර් මස 08 වැනි දා පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයෙන් ආරම්භ වනු ඇති.

තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 10 වැනි දා පැවැත්වීමට නියමිත අතර, විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් මස 12 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ ඉතිරි විස්සයි විස්ස තරග හතර සැප්තැම්බර් 13, 15, 17 සහ 19 යන දින වල දී පැවැත්වෙනු ඇති.

තරගාවලියට සහභාගී වීමට නියමිත බංග්ලාදේශ කාන්තා A කණ්ඩායම එළඹෙන 05 වැනි දා දිවයිනට ළඟා වීමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<