ශෆියුල්ලා සහ මනීශා විවෘත ශූරතා දිනා ගනී

9th GSM All Island Ranking Table Tennis Tournament 2024

3

GSM මේස පන්දු සංගමය 9 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා විවෘත සහ ආධුනික ශ්‍රේණිගත මේස පන්දු තරගාවලියේ විවෘත ශූරතා දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ ශෆියුල්ලා අක්‍රම් සහ GSM මේස පන්දු ඇකඩමිය නියෝජනය කළ මනීශා ශාලින්දි සමත් වූවා.  

අම්බලන්ගොඩ SRS ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පසුගියදා අවසන් වූ මෙම තරගාවලියේ පිරිමි විවෘත ශූරතාව දිනා ගත් ශෆියුල්ලා අක්‍රම් එම ශූරතාවට අමතර ව වයස අවුරුදු 17න් පහළ බාලක ශූරතාව ද දිනා ගැනීමට සමත් වූවා.  

මේ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනිකි ආක්ශනා  සහ මහනුවර මහාමාය විද්‍යාලයේ යොශිනි ජයවර්ධන ද ද්විත්ව ශූරතා දිනා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

චනිකි ආක්ශනා වයස අවුරුදු 11න් පහළ බාලිකා සහ වයස අවුරුදු 13න් පහළ බාලිකා ඉසව් ද්විත්වයේ ශූරතා දිනා ගනිද්දී  යොශිනි ජයවර්ධන වයස අවුරුදු 15න් පහළ බාලිකා සහ වයස අවුරුදු 17න් පහළ බාලිකා ඉසව් ද්විත්වය ශූරතා දිනා ගත්තා.  

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති කේ. ඒ. ඩී. කරුණාරත්න මහතා සහභාගී වූ අතර ත්‍යාග ප්‍රදානෝත්සවය Kellogg India පුද්ගලික සමාගමේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයින කළමනාකරු දීප්ත ගුරුගේ මහතා, ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ සභාපති රහල් අබේරත්න මහතා, හිටපු ශ්‍රී ලංකා ජාතික ශූරියක වන නාමල් ගුණසේකර මහත්මිය, හිටපු ජාතික මේස පන්දු ක්‍රීඩක බුද්ධසිරි විතානාච්චි මහතා සහ SRS ක්‍රීඩා සංකීර්ණයේ අධිපති අනුර සිල්වා මහතාගේ බිරිඳ තුසිතා ලියනගේ මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු වූවා.  

තරග ප්‍රතිඵල 

  • වයස අවුරුදු 11න් පහළ බාලිකා 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනිකි ආක්ශනා විසින් මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අවීශා හේරත් පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 11න් පහළ බාලක

කොළඹ නාලන්දා විද්‍යාලයේ කෙනුර සිල්වා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අකිත රන්දිල් පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 13න් පහළ බාලිකා  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනුකි ආක්ශනා විසින් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ නිසඳි නිම්තරා පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 13න් පහළ බාලක

කොළඹ ආනන්ද විද්‍යාලයේ යෙනුල් අබේවික්‍රම විසින් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ කෙනුල් හන්සන පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 15න් පහළ බාලිකා

මහනුවර මහාමායා විද්‍යාලයේ යොශිනි ජයවර්ධන විසින් ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශනෙල්ලා ශරින්දි පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.   

  • වයස අවුරුදු 15න් පහළ බාලක

අම්බලන්ගොඩ අකේන් බෝජිත් විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සෙනුල් රත්නායක පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 17න් පහළ බාලිකා 

මහනුවර මහාමාය විද්‍යාලයේ යොශිනි ජයවර්ධන විසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ සිනෙත්මි තෙසන්‍යා පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.   

  • වයස අවුරුදු 17න් පහළ බාලක

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆියුල්ලා අක්‍රම් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිරන් හාමර් පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 19න් පහළ බාලිකා

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිව්‍යා ධරණි පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.  

  • වයස අවුරුදු 19න් පහල බාලක

කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිරන් හාමර් විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හරීන් නිම්දිනු පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.   

  • විවෘත කාන්තා

GSM මේස පන්දු ඇකඩමියේ මනීශා ශාලින්දි විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලෙසන්‍යා සෙතුම්දී පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.   

  • විවෘත පිරිමි

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆියුල්ලා අක්‍රම් විසින් මහනුවර ආදි විද්‍යාර්ථ ශිෂ්‍ය මේස පන්දු සංගමයේ දිනේශ් කවිශ්ක පරාජය කරමින් ශූරතාව දිනා ගන්නා ලදි.   

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<