Aaqib Javedගෙන් අසිත ප්‍රනාන්දුට ඉහළ පැසසුමක්!

\Sri Lanka Tour of England 2024

4

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු Aaqib Javed විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක අසිත ප්‍රනාන්දු වෙත ඉහළ අන්දමේ ප්‍රශංසාවක් පිළිගන්වා තිබෙනවා. 

මේ දින වන ක්‍රියාත්මක වන එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේ කඩුලු හතරක් බිඳ හෙළීමට අසිත විසින් සමත් වූ අතර, එම කඩුලු 4න් 3ක්ම එංගලන්ත මුල් පෙළ පිතිකරුවන්ගේ වීම විශේෂත්වයක්.

මම ඔහු සමඟ කතා කළා. මම ඔහුට කිව්වා ඔහුට Mohammad Asif වගේ ගුණාංග තියෙන බව. Asifගෙන් පසුව මම ඔහුගෙන් තමයි ඒ ගුණාංගය දැක්කේ. වේගපන්දු යවන්නෙක් විදිහට ඔහුගේ හැකියාවන් ගැන මිනිස්සු දන්නේ නැහැ. ඔහුට අතේ මැණික් කටුව වෙනස් නොකරමින් පන්දුව දෙපසට ම දෝලනය කරන්න පුළුවන්.”

Javed විසින් අසිතට ඉහළ ප්‍රශංසාවක් ලබා දෙමින් හිටපු පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Mohommad Asif පිළිබඳව ද මතකය අලුත් කළා.

පාකිස්තානය විසින් බිහි කළ අග්‍රගණ්‍ය වේගපන්දු යවන්නකු ලෙස සැලකෙන Asifගේ පන්දු දෝලනය කිරීමේ හැකියාව අදටත් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ව ඉතා පුදුමයට පත් කරවනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ක්‍රීඩා දිවිය අකාලයේ ම සේදී ගියා.

තරග පාව දීමේ සිදුවීමක් නිසා ක්‍රීඩාව අහිමි වූ Asif විසින් ටෙස්ට් තරග 23ක් තුළ කඩුලු 106ක් දවා ගැනීමට සමත් වී සිටියා.

Mohommad Asif ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ද Aaqib Javed හටයි.

“Asif සිස්ටම් එකේ හිටියේ නැහැ, මම තමයි ඔහුව තෝරාගත්තේ. මම Asifව හොඳින් ම දන්නවා. 

අසිතට තමන් ගැන ඇති විශ්වාසය ඉතා ඉහළයි. පන්දු යවන්නන් තමන්ගේ මැණික් කටුව සහ පන්දුවේ දිස්නය (පන්දුව දෝලනය කිරීමට) යොදාගන්නවා. නමුත් අසිත එහෙම නෙවෙයි. ඔහු ත්‍යාගවන්ත ක්‍රීඩකයෙක්. පිතිකරුවන් දන්නේ නැහැ ඔහු මොන පැත්තට පන්දුව දෝලනය කරාවිද කියලා.

Javed විසින් එසේ අසිත පිළිබඳ සඳහන් කරනවා.

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරග 14ක් ක්‍රීඩා කර ඇති අසිත කඩුලු 45ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම මේ වන විට ක්‍රියාත්මක වන එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් අසිතගේ මෙම හැකියාව අත්‍යාවශ්‍ය වන සාධකයක් බවත් සැකයකින් තොරව සඳහන් කළ හැකි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<