දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා A සංචිත නම් කරයි

Sri Lanka A Tour of South Africa 2024

8
Sri Lanka A Tour of South Africa 2024

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වන ක්‍රීඩක සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙම සංචිත ද්විත්වයේ ම නායකත්වය පසිඳු සූරියබණ්ඩාර හට හිමි වී තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය එක්දින තරග ත්‍රිත්වයකින් සමන්විත අතර, එම තරග අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

එමෙන්ම ඉන් පසුව සැප්තැම්බර් මස 08 සහ 18 දින වල දී දෙරට අතර පැවැත්වීමට නියමිත සිව් දින තරග ද්විත්වය ආරම්භ කිරීමට නියමිතයි.

එක්දින සංචිතය; 

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, කමිල් මිශාර, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්ච්ගේ, දුශාන් හේමන්ත, සොනාල් දිනූශ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, වනුජ සහන්, චමිඳු වික්‍රමසිංහ, එශාන් මාලිංග, දිනුර කළුපහන සහ කවිඳු නදීශාන් 

සිව් දින තරග සංචිතය; 

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූශ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, නිශාන් පීරිස්, වනුජ සහන්, ඉසිත විජේසුන්දර, එශාන් මාලිංග, ඕෂධ ප්‍රනාන්දු, විශාද් රන්දික, ජනිත් ලියනගේ සහ දිනුර කළුපහන  

තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් එළඹෙන 27 වැනි දා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<