Home Sinhala කමිඳු සහ මැතිව්ස් සටන්කාමී පිතිකරණයක

කමිඳු සහ මැතිව්ස් සටන්කාමී පිතිකරණයක

Sri Lanka tour of England 2024

15
Sri lanka tour of england 2024

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා. 

තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 259ක් ලබා සිටි අතර, ඊයේ (23) දිනයේ දී ඔවුන් එම ලකුණු සංඛ්‍යාව 358ක් කරා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී එංගලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා වූ කඩුලු රකින ක්‍රීඩක Jamie Smith ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ පසු පෙළ පිතිකරුවන් වූ Mark Wood ලකුණු 22කින් සහ Gus Atkinson ලකුණු 20කින් මේ වෙනුවෙන් සහය ලබා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගන්නා අතරේ, ප්‍රභාත් ජයසූරිය විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

එංගලන්තය පළමු ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් පසු වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට සිය දෙවැනි ඉනිමේ දී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ වීමත් සමඟින් ම නිශාන් මදුශ්ක සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට ඇද දැමීමක් බඳු වාතාවරණයක් නිර්මාණය කළා.

එමෙන්ම දිමුත් කරුණාරත්න ලකුණු 27කට දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 74ක් වන විට Mark Woodගේ පන්දුවක් හමුවේ ආබාධයකට ලක් වෙමින් පිටියෙන් ඉවත් වුනා.

මේ අතර පළමු ඉනිමේ නායකත්වයේ ඉනිමක් දියත් කළ ධනංජය ද සිල්වා ද ඉනිමේ ලකුණු තත්වය 95ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට Matthew Potts සමත් වුනා.

කෙසේ වෙතත් මින් අනතුරුව කඩුල්ලේ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් විසින් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කරමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුනා. මෙහි දී මැතිව්ස් පන්දු 145ක් තුළ ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුනත්, ඉනිමේ ලකුණු තත්වය 173ක් වන විට ඔහු ද පිටියෙන් ඉවත් වුනා. ඊයේ දිනය මිලාන් රත්නායකට ද එතරම් සාර්ථක දිනයක් වුනේ නැහැ.

ඉනිමේ පස් වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව ආබාධයකට ලක් වූ චන්දිමාල් නැවත කමිඳු සමඟින් කඩුල්ලේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා ඊයේ දිනය නිමා වන තෙක් නොදැවී සිටීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 204ක් කරා රැගෙන යමිනුයි.

මෙහි දී කමිඳු පන්දු 109ක් තුළ ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, චන්දිමාල් ලකුණු 20ක් ලබා සිටියා. පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් කඩුලු 2ක් බිඳ හෙළීමට Chris Woakes සමත් වුනා.

තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසු වුනා. ඒ අනුව තරගයේ තීරණාත්මක ම දිනය අද (24) ක්‍රියාත්මක වනු ඇති අතර, එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා මත තරගයේ තීරණය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Stumps


England
358/10 (86.3)

Sri Lanka
236/10 (74) & 204/6 (60)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Joe Root b Chris Woakes 4 16 0 0 25.00
Dimuth Karunaratne c Jamie Smith b Gus Atkinson 2 18 0 0 11.11
Kusal Mendis c Harry Brook b Mark Wood 24 34 4 0 70.59
Angelo Mathews lbw b Chris Woakes 0 5 0 0 0.00
Dinesh Chandimal lbw b Shoaib Bashir 17 40 2 0 42.50
Dhananjaya de Silva c Dan Lawrence b Shoaib Bashir 74 84 8 0 88.10
Kamindu Mendis c Jamie Smith b Chris Woakes 12 25 1 0 48.00
Prabath Jayasuriya c Jamie Smith b Gus Atkinson 10 20 1 0 50.00
Milan Rathnayake c Chris Woakes b Shoaib Bashir 72 135 6 2 53.33
Vishwa Fernando run out (Ollie Pope) 13 62 2 0 20.97
Asitha Fernando not out 0 6 0 0 0.00


Extras 8 (b 0 , lb 4 , nb 1, w 3, pen 0)
Total 236/10 (74 Overs, RR: 3.19)
Bowling O M R W Econ
Chris Woakes 11 3 32 3 2.91
Gus Atkinson 16 3 48 2 3.00
Matthew Potts 9 0 48 0 5.33
Mark Wood 8 0 31 1 3.88
Shoaib Bashir 23 4 55 3 2.39
Joe Root 7 2 18 0 2.57
Batsmen R B 4s 6s SR
Ben Duckett lbw b Asitha Fernando 18 20 2 0 90.00
Dan Lawrence c Dinesh Chandimal b Vishwa Fernando 30 39 3 0 76.92
Ollie Pope b Asitha Fernando 6 8 1 0 75.00
Joe Root c Dinesh Chandimal b Asitha Fernando 42 57 4 0 73.68
Harry Brook b Prabath Jayasuriya 56 73 4 0 76.71
Jamie Smith c & b 111 148 8 1 75.00
Chris Woakes b Prabath Jayasuriya 25 65 3 0 38.46
Gus Atkinson c Dinesh Chandimal b Milan Rathnayake 20 65 1 0 30.77
Matthew Potts c Kusal Mendis b Vishwa Fernando 17 23 2 0 73.91
Mark Wood b Asitha Fernando 22 13 3 1 169.23
Shoaib Bashir not out 3 5 0 0 60.00


Extras 8 (b 0 , lb 4 , nb 3, w 1, pen 0)
Total 358/10 (86.3 Overs, RR: 4.14)
Bowling O M R W Econ
Dhananjaya de Silva 3 0 14 0 4.67
Prabath Jayasuriya 31 5 85 3 2.74
Asitha Fernando 18 0 103 4 5.72
Vishwa Fernando 19.3 1 73 2 3.78
Milan Rathnayake 13 0 66 1 5.08
Kamindu Mendis 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
Nishan Madushka b Chris Woakes 0 3 0 0 0.00
Dimuth Karunaratne c Harry Brook b Mark Wood 27 32 4 0 84.38
Kusal Mendis c Jamie Smith b Gus Atkinson 0 4 0 0 0.00
Angelo Mathews c Matthew Potts b Chris Woakes 65 145 2 1 44.83
Dinesh Chandimal not out 20 28 1 0 71.43
Dhananjaya de Silva lbw b Matthew Potts 11 25 1 0 44.00
Kamindu Mendis not out 56 109 6 1 51.38
Milan Rathnayake c Ben Duckett b Joe Root 10 15 1 0 66.67


Extras 15 (b 0 , lb 8 , nb 1, w 6, pen 0)
Total 204/6 (60 Overs, RR: 3.4)
Bowling O M R W Econ
Chris Woakes 12 3 34 2 2.83
Gus Atkinson 10 1 38 1 3.80
Shoaib Bashir 16 0 61 0 3.81
Mark Wood 10.2 1 36 1 3.53
Matthew Potts 11 4 26 1 2.36
Joe Root 0.4 0 1 1 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<