ජනිශ්ක, කමිල් සහ ශමාෂ් ශතක ලබා ගනී

Major Club U23 Tournament

1
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් නිමා වෙද්දී ජනිශ්ක පෙරේරා, කමිල් මිෂාර සහ මොහොමඩ් ශමාෂ් ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. 

කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී පැවැති NCC සහ Moors SC අතර තරගයේ දී කණ්ඩායම් 2 ම නායකයන් වන කමිල් මිෂාර සහ ජනිශ්ක පෙරේරා ශතක වාර්තා කළා. කමිල් මිෂාර පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 110ක් ද සහ ජනිශ්ක පෙරේරා පන්දු 204කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 154ක් ලබා ගත්තා.

මේ අතර Tamil Union C & AC කණ්ඩායමේ මොහොමඩ් ශමාස් Negombo CC කණ්ඩායමට එරෙහි ව පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 123ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව Moors SC කණ්ඩායමේ යෙසිත් රූපසිංහ, Tamil Union C & AC කණ්ඩායමේ දසිස් මංචනායක, Police SC කණ්ඩායමේ සංගීත් ශෙහාර, Kandy Customs කණ්ඩායමේ පසිඳු පැතුම්, Ace Capital CC කණ්ඩායමේ අශාන් දිල්හාර අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Ace Capital CC කණ්ඩායමේ වනුජ සහන් BRC කණ්ඩායමට එරෙහි ව කඩුලු 8 ද BRC කණ්ඩායමේ දිනුක වන්නිආරච්චි Ace Capital CC කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක් ද දවා ගනිමින් හොඳම පන්දු යැවීම් වාර්තා කළා.

ඊට අමතර ව Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික සහ  Ace Capital CC කණ්ඩායමේ රවීන් ද සිල්වා කඩුලු 5ක් දවාගත් අතර Negombo CC කණ්ඩායමේ යොහාන් ඒශාන්, Chilaw Marians CC කණ්ඩායමේ ගීතික ද සිල්වා සහ තිමිර ඉරුශ්ක, Nugegoda S&WC කණ්ඩායමේ ශෙනාස් ප්‍රනාන්දු කඩුලු 4 බැගින් ද දවා ගත්තා.

මේ අතර නිමා වූ තරග අතුරින් Ace Capital CC ක්‍රීඩකයෝ BRC කණ්ඩායමට එරෙහි ව ඉනිමක ජයග්‍රහණයක් වාර්තා කරන ලද අතර Ragama CC සහ Baduraliya CC අතර තරගයත්, Colts CC සහ CCC අතර තරගයත්, SSC සහ Bloomfield C&AC අතර තරගයත් වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.

NCC සහ Moors SC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණය

තරගයේ කෙටි ලකුණු පුවරුව

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (43.5) කුසල් විජේතුංග 21, කමිල් මිෂාර 110, යෙසිත් රූපසිංහ 3/69, ගරුක සංකේත් 2/32, සෙනිත හැළඹගේ 2/25

Moors SC – පළමු ඉනිම සියලුම කඩුලු 9ක් දැවී 313 (79.4) ජනිශ්ක පෙරේරා 154, යෙසිත් රූපසිංහ 75, හිවින් කෙනුල 42, සම්පත් නිශ්ශංක 2/36, බ්‍රයන් හංසජ 2/35, අශේන් ඩැනියෙල් 2/58

NCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 159 (36.0) ශරිත් සූදීන 35, කුසල් විජේතුංග 44, කමිල් මිෂාර 32, අහන් වික්‍රමසිංහ 20, රොහාන් සංජය 2/64

තරගයේ විසඳුමක් නෑ.

Negombo CC සහ Tamil Union C & AC අතර තරගය කටුනායක, FTZ ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පලමු ඉනිම කඩුලු 8ක් දැවී 230 (46.3) ඉසිවර දිසානායක 24, මොහොමඩ් ශමාෂ් 123, දසිස් මංචනායක 61, චාමික සඳරුවන් 2/35, යොහාන් ඒශාන් 4/37

Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (45.4) නෙත්ම කරුණාරත්න 27, තීසාන විතුසාන් 3/30, විහස් තෙව්මික 5/40

තරගයේ විසඳුමක් නෑ.

Ace Capital CC සහ BRC අතර තරගය කිරිමණ්ඩල පාර SLLDC ක්‍රීඩාංගණයේ දී.

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 315 (78.0) තරිඳු අමරසිංහ 46, හිරාන් ජයසුන්දර 25, කවිඳු අමන්ත 29, වනුජ සහන් 42, රවිඳු රත්නායක 49, දනාන් හේමානන්ද 23, අශාන් දිල්හාර නොදැවී 64, දිලන දම්සර නොදැවී 22, දිනුක වන්නිආරච්චි 6/131, තරුක්ශ අශේල් 2/64

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (52.2) තරුක්ෂ අශේල් 21, දිනිරු අබේවික්‍රමසිංහ 23, රිශි අදිශ්ටන් 20, ජනිත් රත්නසිරි 22, වනුජ සහන් 8/40

BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 100 (31.2) රශී අදිශ්ටන් 39, දිනිරු අබේවික්‍රමසිංහ 33, කවිඳු අමමෙත් 3/06, රවීන් ද සිල්වා 5/45

Ace Capital CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 90ක ජයක්.

Police SC සහ Chilaw Marians CC අතර තරගය හම්බන්තොට MRICS හි දී.

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (45.2) සංගීත් ශෙහාර 88, ඉරුෂ ආකාශ් 38, ගීතික ද සිල්වා 4/25, කවිඳු නිර්මාණ 2/22, තිමිර ඉරුෂ්ක 4/69

Chilaw Marians CC – පළමු කඩුලු 5ක් දැවී 139 (23.4) සුපුන් වඩුගේ 38, චමෝද් සඳරු 33, කවිඳු නිර්මාණ නොදැවී 27, චාරුක ජයතිලක 3/42

තරගයේ විසඳුමක් නෑ.

Kandy Customs SC සහ Nugegoda S&WC අතර තරගය කොළඹ තර්ස්ටන් පිටියේ දී.

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (57.0) සඳුන් රත්නායක 24, අවිශ්ක පෙරේරා 42, රාහුල් ගුණසේකර 20, අක්‍රම් මුතාලිබ් 27, පසිඳු පැතුම් 70, මුදිත දිසානායක 2/38, සෙනාශ් ප්‍රනාන්දු 4/60, තෙවිඳු දික්වැල්ල 2/14

Nugegoda S&WC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 49 (5.0) සදීශ ජයවර්ධන නොදැවී 18, තෙවිඳු දික්වැල්ල නොදැවි 31

තරගයේ විසඳුමක් නෑ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<