හර්ශිතා WCPL වරම් ලබයි

Women's Caribbean Premier League 2024

5
Women's Caribbean Premier League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම එළඹෙන කාන්තා CPL තරගාවලියේ දී Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් තෝරා ගෙන තිබෙනවා.

මේ වන විට 26 හැවිරිදි වියේ පසු වන හර්ෂිතා විසින් ගෙවුණු වසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුවක් බවට පත් වූ අතර, පසුගිය දා නිමා වූ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ වීරවරිය සම්මානයෙන් පිදුම් ලබමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට ද ඇය හේතු වුනා.

හර්ෂිතා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 65කට සහභාගී වී ඇති අතර, එහි දී ඇය විසින් 31.12ක සාමාන්‍යයක් සහිතව ලකුණු 1463ක් ලබා ගැනීමට ද සමත් වී තිබෙනවා.

මේ අනුව මෙවර WCPL තරගාවලිය වෙනුවෙන් තෝරා ගැනුණු දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වීමට ද හර්ෂිතාට හැකි වූ අතර, මීට පෙර චමරි අතපත්තු Barbados Royals කණ්ඩායම සමඟින් එක් වුනා.

කණ්ඩායම් තුනක (Barbados Royals, Trinbago Knight Riders, Guyana Amazon Warriors) සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත 2024 WCPL තරගාවලිය හෙට (22) ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලාංකේය දක්ෂතා පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<