ශ්‍රී ලංකා පාපන්දුවට නව පුහුණුකරුවෙක්

AFC Qualifiers 2024

5
AFC Qualifiers 2024

කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරග ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබෙනවා.

AFC සුදුසුකම් ලැබීමේ තරගවලට අදාළ ව එළඹෙන 05 වැනි දා සහ 10 වැනි දා කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත තරග ද්විත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු නේපාල පුහුණුකරු Abdulla Almutairi නම් කර තිබෙනවා.

නේපාලය විසින් 2021 SAFF තරගාවලියේ අවසන් මහා තරගයට දක්වා පැමිණීමට සමත් වූ අතර, එම ඓතිහාසික ගමනේ දී නේපාල පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Almutairi විසිනුයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ Qatar Aspire Zone විසින් ඇති කර ගත් ගිවිසුමක් අනුව මෙම තීරණය ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පළමු තරගය එළඹෙන සැප්තැම්බර් 05 වැනි දා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි තරගය එළඹෙන 10 වැනි දා කාම්බෝජයේ දී පැවැත්වෙනු ඇති.

මෙම තරග ද්විත්වයේ ම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>