පළමු තරගයෙන් ශ්‍රී ලංකාව නේපාලය හමුවේ පරාජය වෙයි

SAFF U20 Championship 2024

5
SAFF U20 Championship 2024

නේපාලයේ දී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන් නේපාලය හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද සිදු වුනා.

මෙවර තරගාවලියේ ආරම්භක තරගය ලෙස අද සවස පැවැත්වුණු මෙම තරගයේ 23 වැනි මිනිත්තුවේ දී නේපාලය වෙනුවෙන් Nirajan Dhami විසින් තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

මින් පසුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වෙමින් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ දැරුව ද එය සාර්ථක වුනේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යෞවනයින් මෙම තරගය තුළ නේපාලයට එරෙහිව හොඳ තරගයක් ලබා දීමට සෑම විටම උත්සාහ කිරීම කැපී පෙනුණු කාරණයක්.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය අනිද්දා (20) බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ  දී ජයග්‍රහණයක් වෙත යාම ඉතා වැදගත් වනවා.

මෙම තරගාවලියේ තොරතුරු සියල්ල ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>