England Lions පහසු ජයක් කරා

Sri Lanka Tour Of England 2024

3
Sri Lanka Tour Of England 2024

ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ පළමු සහ එකම පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට England Lions කණ්ඩායම අද (17) සමත් වුනා.

ඊයේ (16) දිනය නිමා වන විට තරගයේ සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි Lions කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

තරගයේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් ලකුණු 122ක ඉලක්කයක් ලැබී තිබූ අතර, අද දිනයේ දී Lions දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 69ක් වන විට තෙවැනි කඩුල්ල ලෙස Hamza Shaikh දවා ගැනීමට මිලාන් රත්නායක සමත් වුනා.

කෙසේ වෙතත් එතැන් පටන් කඩුල්ලේ එක් වූ Rob Yates සහ James Rew විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී James Rew ලකුණු 23කින් සහ Rob Yates ලකුණු 57කින් ඉනිමට දායක වුනා.

මේ අනුව තරගයෙන් England Lions කණ්ඩායම කඩුලු 07ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 21 වැනි දා මැන්චෙස්ටර් හිදි ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<