පැරා ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු MAS Holdings

Paralympic Games 2024

9
Mas holdings named as sri lanka official clothing partner for paralympic games

2024 පැරා ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස MAS Holdings ආයතනය අත්වැල් බැඳ ගෙන තිබෙනවා. 

පසුගිය අගෝස්තු 14 වැනි දා කොළඹ දී පැවැත්වුණු විශේෂ වැඩසටහනක දී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව MAS විසින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වෙනුවෙන් ධාවන, පිහිනුම්, රෝද පුටු ටෙනිස්, මෙන්ම විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන් ද ඇඳුම් කට්ටල ලබා දෙනු ඇති. 

2019 වසරේ දී පළමු වරට Adaptive Apparel අංශය වෙත යොමු වුන MAS ආයතනය එතැන් පටන් විශේෂ පර්යේෂණ රැසක් සිදු කරමින්  ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට වඩා පහසු නිමැවුමක් සහිත ඇඳුම් ලබ දීමට උත්සුක වුනා. ඒ අනුව මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ලබා දෙන ඇඳුම් ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුක්ත ලෙස නිර්මාණය කිරීමට ද ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. 

වසර ගණනාවක් මුළුල්ලේ අප විසින් සිදු කරමින් පැමිණි ලෙසින් ම අපගේ පැරා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඔවුන්ගේ දස්කම් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආවා. එමෙන්ම මෙම අඛණ්ඩ කැපවීම නිසා ඉදිරි ක්‍රීඩා තරගවල දී ද උපරිම දක්ෂතා අතරට ඔවුන් පිවිසෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. 

මෙම අවස්ථාවට සහභාගී වූ MAS Holdings විධායක නිලධාරි සුරේන් ප්‍රනාන්දු මහතා විසින් එසේ සඳහන් කරනවා. 

මෙවර පැරා ඔලිම්පික් උළෙලට නිර්මිත මලල ක්‍රීඩා ඇඳුම් ශ්‍රී ලංකාවේ සිටින විශේෂ වන සත්ත්ව ගහනය පිළිබිඹු කරමින් නිර්මාණය තිබීමත් විශේෂත්වයක්. 

2024 පැරා ඔලිම්පික් උළෙලේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>