නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්!

8
Niroshan Dickwella

තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හට තරග තහනමක් පනවා තිබෙනවා. 

මෙම චෝදනා මත දික්වැල්ලට කුමන හෝ ආකාරයක ක්‍රිකට් තරගයකට සහභාගී වීම තහනම් කරනා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

නිමා වූ 2024 LPL තරගාවලිය අතරතුර තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් පැවැත්වූ පරීක්ෂණයක් මත දික්වැල්ල මෙම චෝදනාවලට ලක් වී ඇති අතර, ඒ අනුව ඔහුට හිමි වන තරග තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනු ඇති. 

ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) නිර්දේශ පරිදි පැවැත්වෙන මෙම පරීක්ෂණ මගින් ක්‍රීඩාවට තහනම් උත්තේජක මගින් එල්ල විය හැකි අනිසි බලපෑම් වළක්වා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ වී තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<