T10 අත්දැකීම 16 වැනිදා සිට

Sri Lanka Sports Fiesta T10 League

5

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පළමු වරට T10 තරගාවලියක අත්දැකිම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් වෙන අතර ඊට සවිබල ගැන්වීමේ දායකත්වය දැක්වීමට Dialog සමාගම එක් ව තිබෙනවා.  

ඒ අනුව පැවැත්වෙන Sri Lanka  Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලිය මේ මස 16, 17 සහ 18 වැනි දිනවල දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගාවලිය සඳහා සුපුරුදු ලෙසින් ම කොළඹ, දඹුල්ල, ගාල්ල, මහනුවර සහ යාපනය ලෙසින් කණ්ඩායම් 5ක් නම් කර තිබෙනවා. තරගාවලියට එක් වෙන කොළඹ කණ්ඩායම චරිත් අසලංක විසින් ද, දඹුල්ල කණ්ඩායම භානුක රාජපක්ෂ විසින් ද, ගාල්ල කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ විසින් ද, මහනුවර කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල විසින් ද සහ යාපනය කණ්ඩායම ජනිත් ලියනගේ විසින් ද මෙහෙයවනු ලබනවා.   

තරගාවලියේ පළමු වටයේ තරග කොළඹ Thurstan සහ Bloomfield ක්‍රීඩාංගණවල දී දී පැවැත්වෙන අතර එම වටයේ දී එක් එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමඟ ම තරග වැදීමට නියමිතයි.  

ඒ අනුව අවසන් වන පළමු වටයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලද කණ්ඩායම් ලෙස සැලකෙනවා. ඒ අනුව තීරණය වෙන අවසන් මහා තරගය අගෝස්තු 18 වැනිදා සවස 2.40 සිට Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි යෝජිත.  

තරග කාලසටහන 

  Date  Time   Team 1  Team 2  Venue 
1   

අගෝස්තු 16 

පෙරවරු 9.30  Kandy  Jaffna  Thurstan 
2  Galle  Dambulla  Bloomfield  
3  පස්වරු 1.30  Jaffna  Colombo  Thurstan 
4  Kandy  Galle  Bloomfield 
5   

අගෝස්තු 17 

පෙරවරු 9.30  Colombo  Dambulla  Thurstan 
6  Jaffna  Galle  Bloomfield 
7  පස්වරු 1.30  Galle  Colombo  Thurstan 
8  Dambulla  Kandy  Bloomfield 
9   

අගෝස්තු 18 

පෙරවරු 9.20  Colombo  Kandy   

Bloomfield 

10  දහවල් 12.00  Dambulla  Jaffna 
11  පස්වරු 2.40  අවසන් මහා තරගය 

 

තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම් 

Colombo T10 කණ්ඩායම: චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියෙල්, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, නිශාන් පිරිස්, දිනුර කළුපහන, දිලුම් සුධීර, ප්‍රමෝද් මධුශාන්. නිපුන් දනංජය, විශාද් රන්දික (කඩුලු රකින්නා), අශාන් බණ්ඩාර, කවිඳු නදීශාන්, හිමේෂ රාමනායක. 

Dambulla T10 කණඩායම: භානුක රාජපක්ෂ (නායක), ලසිත් කෲස්පුල්ලේ, පුලිඳු පෙරේරා, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, දුශාන් හේමන්ත, මොවින් සුබසිංහ, ලක්ෂාන් සඳකැන්, මර්වින් අභිනාශ්, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), ගයන වීරසිංහ, කෙවින් පෙරේරා, මොහොමඩ් ශිරාෂ්, දුවිඳු තිලකරත්න. 

Galle T10 කණ්ඩායම: දුනිත් වෙල්ලාලගේ (නායක), යශෝධ ලංකා, ඔෂද ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), රවිඳු ද සිල්වා, ධනංජය ලක්ෂාන්, නිමේෂ් විමුක්ති, මල්ෂ තරුපති, ගරුක සංකේත්, ශිරාන් ප්‍රනාන්දු, දිනුක ඩිල්ශාන්, අකිල ධනංජය, ටිලංග උදේශන, මුදිත් ලක්ෂාන්. 

Kandy T10 කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල (නායක – කඩුලු රකින්නා), කමිල් මිෂාර, ලහිරු උදාර (කඩුලු රකින්නා), තනුක දාබරේ, චමෝද් සඳරු, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, වනිඳු සහන්, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, ලසිත් ඇඹුල්දෙණිය, අශේන් ඩැනියෙල්, යොහාන් මද්දගේ, නිම්සර අතරගල්ල, නිපුන් රංසික. 

Jaffna T10 කණ්ඩායම: ජනිත් ලියනගේ (නායක), රවිඳු ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), හසිත බෝයගොඩ, මොහොමඩ් ශමාෂ් (කඩුලු රකින්නා), ලහිරු මධුශංක, තරිඳු රත්නායක, පුලින තරංග, අයන සිරිවර්ධන, බිනුර ප්‍රනාන්දු, ඒශාන් මාලිංග, චමත් ගෝමස්, සචින්ත ජයතිලක, ලහිරු සමරකෝන්, ඉසිත විජේසුන්දර. 

Sri Lanka Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<